Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොළඹ විශ්වවිද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත්කළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසූයේ පසුගියදා පැවැති දකුණු ආසියානු කලාපීය දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ තොරතුරු ද්වාරය නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ සියලුම කලාප මත්ද්‍රව්‍ය මත්පැන්  දුම්කොළ ආදී කිසිවකින් තොර කලාපයත් බවට පත්කළ බවත්, පාලක සභාවේ අනුමැතිය ඒ සඳහා හිමි වූ බවත් ඇය පැවසූවාය

"කොළඹ විශ්වවිද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත්කළා. ඒ අනුව විශ්වවිද්‍යාලය තුළ  මත්ද්‍රව්‍ය, මත්පැන් , දුම්කොළ මේ කිසිවක් නොමැති කලාපයක් කළා. පාලක සභාවේ අනුමැතිය එයට ලැබුණා. විශ්වවිද්‍යාලයේ සියලුම කොටස්වලට එය දැනුම්දීලා තිබෙනවා. 

මත් සටන පරාජය කරන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයට විතරක් බැහැ. ඒ සඳහා අපි සියලුදෙනා එකතුවිය යුතුයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උත්සව අවස්ථාවකට, දුම්කොළ සමාගම අන්‍රගහය දක්වමින් ලබාදුන් චෙක් පතක් පවා කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රතික්ෂේප කළා. මම ඒ ගැන බොහාම සතුටු වෙනවා." යැයි පැවසූවාය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.