Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කෝවිඩ් අවදානම් පුද්ගලයන් හඳුනාගැනීමට නිර්මාණය කළ&ස්වරක්ෂා*ජංගම දුරකථන යෙදවුම (SWARAKSHA moblie app) ජනතාවට නොමිලයේ බාගතකරගත හැකි බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අවශ්‍යතාවය ඇති රටවල් සඳහා නොමිලයේ ලබාදීමට කටයුතු කරන බවටත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

මීටර් 10 ක් ඇතුළත ඕනෑම ස්ථානයක සිටින කෝවිඩ්-19 අවදානම් පුද්ගලයකු හඳුනාගත හැකි &ස්වරක්ෂා* ජංගම දුරකථන යෙදවුම කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඇතුළු පිරිසක් විසින් නිර්මාණය කර ඇති අතර  මෙමගින් පුද්ගලික ආරක්ෂාව සහ තොරතුරුවල රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂාවන ආකාරයට නිර්මාණය කර ඇති බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

ජාතික පර්යේෂණ සභාවේ ඉල්ලීම මත නිර්මාණය කර ඇති මෙම ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම ඊයේ(24දා) ජාතික පර්යේෂණ සභාවේදී සිදුකෙරිණි.

කෝවිඩ් -19 වැලඳුන පුද්ගලයෙකු හමු වුවහොත් මෙම ජංගම දුරකථන යෙදුම භාවිත කරමින් එම රෝගය පැතිරුණ ආකාරය විනාඩි කිහිපයක් ඇතුළත සොයාගැනීමට හැකියාව ඇති බවත්, එමගින් රෝග පාලනය කිරීම සඳහා කෙටිකාලයක් තුළ ක්‍රියාත්මක වීමට හැකියාව ලැබෙන බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

විදෙස් රටවලින් ශ්‍රීලංකාවට පැමිණෙන සියලුදෙනාහට මෙම ජංගම දුරකථන යෙදවුම (SWARAKSHA moblie app) බාගතකරගන්නා ලෙස දැනුම්දුනහොත් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසුව උවද කෝවිඩි-19 ආසාදිතයන් බවට පත්උවහොත් එය පහසුවෙන් හඳුනාගැනීමට හැකිවන අයුරින් මෙම යෙදුම නිර්මාණය කර ඇති බවද ජයරත්න මහතා පෙන්වාදුන්නේය.

එමෙන්ම යම් ස්ථානයක කෝවිඩ්-19 ආසාධිතයන් හෝ අවදානමක් ඇති පුද්ගලයික් ගැවසෙනවාද යන්න පිළිබඳවද මෙම ජංගම දුරකථන යෙදවුම මගින් වෙනත් ස්ථානයත සිට වුවද නිරීක්ෂණය කිරීමට හැකියාව ඇති බැවින් සංචාරක කර්මාන්තය සඳහා රට විවෘත කිරීමේ හැකියාව ඇති බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

මේවනවිට ලෝකයේ බොහෝ රටවලට කෝවිඩ් -19 දෙවැනි රැල්ලක් ඇතිවීමේ අවදානමට මුහුණ දී ඇති බැවින්  ශ්‍රීලංකාවටද එම බලපෑම ඇති බවත් සියලුදෙනා මෙම ජංගම දුරකථන යෙදවුම භාවිතකරන්නේනම් එම අවධානම සාර්ථකව ජයගත හැකි බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

&ස්වරක්ෂා*ජංගම දුරකථන යෙදවුමමගින් කෝවිඩ් -19 ආසාදිතයන් ගණන දිනපතා දැනගැනීමට හැකියාව ඇති අතර,ළඟම පිහිටි රෝහල, ගිලන් රථ ගෙන්වා ගැනීමේ අවස්ථාව ආදී සේවාවන් රැසක් සිදුකරගැනීමට හැකිවන ආකාරයෙන් මෙම යෙදුම නිර්මාණය කර ඇති බවද හෙතෙම පැහැදිලි කළේය.

ඉතා ඉහල තාක්ෂණයකින් යුතුව නිර්මාණය කර ඇති මෙම ජංගම දුරකථන යෙදවුම විදෙස් රටවල් කිහිපයකින්ම ඉල්ලා ඇති බවත්, අවශ්‍යතාව ඇති රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා නොමිලයේ මෙය ලබාදීමට කටයුතු කරන බවත් චන්දන ජයරත්න මහතා පැවසීය.

& මේ ඇප් එක හැමෝම භාවිතකරනවානම් අපේ රටට කෝවිඩි දෙවැනි රැල්ල ආවොත් ඒක පහසුවෙන්ම ජයගන්න පුළුවන්. ඒනිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සියලුදෙනා මෙය භාවිතයට ගන්නා ලෙසයි.* යනුවෙන් මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.(wmdjbm)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.