කෝවිඩ් 19 ආසාදිතයන් වැඩිවීමට හේතුව රෝග විනිශ්චය නිර්ණායක වෙනස් කිරීමයි
- 2020-02-13 12:52:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝවිඩ් 19 වෛරසයේ රෝග විනිශ්චය නිර්ණායකයන් සංශෝධනය කිරීම හේතුවෙන් හුබෙයි පළාතේ තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිසම පවසයි.
කෝවිඩ් 19 වෛරසයේ කේන්ද්‍රස්ථානය වන හුබෙයි පළාතෙන් බදාදා දිනයේදී රෝගීන් 14,840 ක් වාර්තා විය. එය අඟහරුවාදා වාර්තා වූ නව රෝගීන් 1,638 ට සාපේක්ෂව දැඩි ඉහළ යෑමකි.
හුබෙයි පළාතේ වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ මුළු රෝගීන් සංඛ්‍යාව බදාදා දිනයේදී 48,206 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 44 ක වැඩිවීමකි.
බ්‍රහස්පතින්දා උදෑසන හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිෂම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සායනිකව රෝග විනිශ්චය කර ඇති රෝගීන්ගේ සංඛ්‍යාලේඛනද තහවුරු කරන ලද රෝගීන් ලෙස සලකා බලන බවයි.
මීට පෙර හුබෙයි පළාතේ තහවුරු කරන ලද රෝගීන් ලෙස සලකනු ලැබුවේ වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ රෝගීන් පමණක් බවයි.
බීජිං චොයැං රෝහලේ උප සභාපති ටොං චෞහුයි පැවසුවේ රෝග විනිශ්චය ප්‍රමිතිය සංශෝධනය කිරීමෙන් වෛද්‍යවරුන්ට රෝගය සඳහා රෝග විනිශ්චය ලබා දිමට හැකියාවක් ඇති බවයි.
ඒ අනුව පෙනහළු වල රූප, භෞතික තත්වයන් සහ වසංගත විද්‍යාත්මක ඉතිහාසය වැනි සාධක එකතුවක් මත පදනම්ව ඔවුන්ට රෝග විනිශ්චය ලබා දිය හැකි බවද ඔහු පැවැසීය.
සංශෝධිත රෝග විනිශ්චය නිර්ණායකයන්ට අනුව බදාදා හුබෙයි හි නව රෝගීන් 14,840 ක් වාර්තා වූ අතර සායනිකව රෝග විනිශ්චය කළ රෝගීන් සංඛ්‍යාව 13,332 ක් වෙයි.
න්‍යෂ්ටික අම්ල පරීක්ෂණවලින් ධනාත්මක ප්‍රතිඵල පෙන්වීමට ප්‍රමාද වන රෝගීන් සිටින බව රෝග පාලනය හා වැළැක්වීමේ චීන මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සෙන් ගුවාං පවසයි.
න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ තුනක් හෝ හතරකට පසුව රෝගීන් ගණනාවක් තහවුරු වී ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇතත්, ඔවුන්ගේ සායනික රෝග ලක්ෂණ අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වීමට ඇති ඉඩකඩ වැඩි මට්ටමක පවතී.
එවැනි රෝගීන් බදාදාට පෙර හුබෙයි හි රෝග නිර්ණායකයන් සංශෝධනය කළ විට තහවුරු කළ අවස්ථා ලෙස ගණන් ගත නොහැකි බැවින් ඔවුන් රෝහල් ගත කළ නොහැකි අතර එම නිසා වෛරසය පැතිරීමේ හැකියාවක් ඇති බව ඔහු පැවසීය.
නව නිර්නායක හරහා අලුතින් තහවුරු කරන ලද රෝගීන් රෝහල්වලට ඇතුළත් කිරීමට හෝ ඔවුන්ව හුදෙකලා කිරීමට අවස්ථාව ලැබෙන බවත් එය රෝගයේ ව්‍යාප්තිය අඩු කිරීමට උපකාර වන බවත් සෙන්ග් වැඩිදුරටත් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments