ගංගාරාම නවම් මහා පෙරහර
- 2019-02-18 14:27:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අලි ඇතුන් හතලිස් පහකට ආසන්න සංඛ්‍යාවක් ගමන් ගන්නා නවම් පෙරහර තාලන් නැටුම, වේවැල් නැටුම, පතුරු නැටුම, තෙල්මේ, කුමාරපාළිය, ශුද්ධ මාත්‍රා, රිද්දි යාගය, සවරං නැටුම, බුම්මැඩි, සක් පිඹීම, අව් අතු හා මුරායුධ, රබන් කරකැවීම, පන්තේරු, මහසෝනා , උඩැක්කි, දෙවොල්, නාගරාක්ෂ, ආතා මුත්තා කෝලම, හනුමන්තා නැටුම ආදී වශයෙන් 145 කට අධික විචිත්‍රවත් පෙරහර අංගවලින් මෙවර සමන්විතය.
ගල්කිස්ස රත්මලාන විමලාරාමාධිපති ආචාර්ය අත්තුඩාවේ පියරතන, ශ්‍රී ඥානෙශ්වර පිරිවෙණෙහි සම්මාන පරිවේණාධිපති දොරදෙණියේ විමලකිත්ති හා පරිවෙණාධිපති තන්තිරිමුල්ලේ සරණ යන ස්වාමින්ද්‍රයන් වහන්සේලා ධාතු කරඬුව භාරව පෙරහරෙහි වැඩම කරති.
පෙරහර පෙලගැස්වීම උද්‍යාන වීදියේ සිදුකෙරෙන අතර ශ්‍රී ජිනරතන පාර, හුණුපිටය වැව පාර, ඩබ්ලිව්.ඒ.ඩී රාමනායක මාවත, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත, ශ්‍රී උත්තරානන්ද මාවත, පෙරහර මාවත, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, ශ්‍රී ජිනරතන මාවත ඔස්සේ ගංගාරාම විහාරස්ථානය දක්වා පෙරහර ගමන් ගනී.
ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි කිරින්දේ අස්සජි, පාලටුවාවේ ජිනරතන යන හිමිවරු නවම් මහා පෙරහර සංවිධාන කටයුතු මෙහෙයවන අතර පෙරහර වීදි සංචාරයේ දර්ශන www.gangaramaya.com ඔස්සේ සජීවීව විකාශය කෙරේ. නවම් මහා පෙරහරට ආශිර්වාදය පිණිස පසුගිය 11 වැනිදා සිට 17 වැනිදා දක්වා සතියක් පුරා මල් පෙරහර ක් ද පැවැති අතර දෙස් විදෙස් සැදැහැවත්තු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.
(බිඟුන් මේනක ගමගේ )
Reply To:
Name - Reply Comment
0 Comments