ගිහාන්ගේ රොකට්ටුව උඩ යවන්න ජනපතිගෙන් මිලියනයක්
- 2018-10-25 12:28:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කිලෝ මීටර් 20 ක දුරකට යැවිය හැකි යැයි අනුමාන කරන රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමී ව පැවති ප්‍රදර්ශනයේ දී මෙම රොකට්ටුව ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් වූ අතර, එහිදී සිසුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා එම රොකට්ටුව වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත්, රොකට්ටුව ගුවන්ගත කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවත් සදහන් කළේ ය.
ඒ අනුව එහි ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් පළමු අදියර ලෙස මෙම රුපියල් ලක්ෂ 10ක මුදල ලබා දීම සිදු කෙරිණි.
එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික නිලධාරීන් ද මෙම අවස්ථාවට කැදවා තිබුණු අතර රොකට්ටුව ගුවන් ගත කිරීම සදහා ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නේ ය.
Reply To:
Name - Reply Comment
0 Comments