.
විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ගුවන් හමුදාවේ මාර්ෂල් වරයා (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්) ලෙස උසස් කරනු ලැබ ඇත. මෙම තනතුර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙම පන්තියේ පළමු තනතුර වන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාර්ෂල්වරයා ලෙස පත් වු පළමු නිලධාරීයා වන්නේ ද රෝෂාන් ගුණතිලක මහතාය.
විශ්‍රාමික නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා තරු පහේ අද්මිරාල්වරයකු (අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්) ලෙස උසස් කරනු ලැබ තිබේ. මෙම තනතුර ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමුවැනි තරු 5 තනතුරක් සහා උසස්වීමක් ලද පළමු ශ්‍රී ලාංකික නාවික හමුදා නිලධාරීයා වන්නේද වසන්ත කරන්නාගොඩ මහතාය.