Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් පද්ධතියේ පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා විශ්‍රාමික ගුරුවරුන් බදවාගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ , නාඋල අධ්‍යාපන කලාපයට අයත් පාසල් තුනක ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිලි තුනක් විවෘත කිරිම වෙනුවෙන් නාලන්ද සුදර්ශි කනිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයක දි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඉදිරි සතියේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.

මධ්‍යම පළාතේ පවතින ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් පෞද්ගලිකව සොයා බලන ලෙස ලග්ගල එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිණි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට පිළිතුරු ලබා දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍යවරයා,       

‘මම මේ පාසල් ගොඩනැගිලි විවෘත කරන්න ආපු වෙලාවේ ඔලුවට තදින්ම දැනුණු දෙයක් තමයි මේ පළාතේ තියන ගුරු පුරප්පාඩු. ප්‍රියාන් මහත්තයත් රෝහිණි මන්ත්‍රිතුමියත් මට දිගින් දිගටම කිවා මේ ගැන.

පළාත් සභාවලට කොපමණ මුදල් ලබා දුන්නන් අධ්‍යාපන අමාත්‍යංශය කොතරම් ගුරුවරු බදවා ගත්තත් මේ ගැටලුව විසදෙන්නේ නැහැ.

හොදම විසදුම තමයි අපි කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමත කරගන්නම් මේ බදවා ගන්න ගුරුවරුන්ට දීමනාවක් දෙන්න.

නැතිව නම් මට පේන්නේ නැහැ මේ ගුරු ගැටලුවට විසදුමක්. තව අවුරුදු දෙකකින් විද්‍යාපීඨ වලින් එළියට එන ගුරුවරු ප්‍රමාණය නවදහසක් වෙනවා.

ඒ කාලය තුළ පළාත් වල තියෙන ගුරු පුරප්පාඩු දිහා බලලා විශ්‍රාමික ගුරුවරුන් බදවා ගන්න කටයුතු කරනවා.

මම අමාත්‍යංශ ලේකම්තුමාට කියලා පළාත් වල මොනමොන විෂයන් වලට ද පුරප්පුඩා තියෙන්නේ කියලා සොයා බලලා විෂය පුප්පාඩු සම්බන්ධයෙන්නුත් සැලකිල්ලට අරන් කටයුතු කරලා මේ ගුරු ගැටලුවට විසදුමක් දෙනවා.

විශ්‍රාම ගිය ගුරුවරු බොහොමයක් ඉන්නවා මේ රටේ යළිත් ගුරු වෘත්තියට ඇතුළත් වෙලා තමන්ගේ සේවාව ලබාදෙන්න කැමැත්තෙන්” යනුවෙන් ඔහු පැවසිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.