ගුරු ,විදුහල්පති වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය
- 2019-07-11 11:21:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගුරු, විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාශයේ අවධානය යොමුකර තිබෙන බවත් ඒ සඳහා ඉදිරියේ දී අවශ්‍ය පියවර ගනු ඇතැයි බලාපොරොත්තුවන බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් යොමු කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
ගුරු, විදුහල්පති වැටුප් විෂමතාවය බී.සී. පෙරේරා වැටුප් වාර්තාවෙන් පැන නගින ලද්දක් බව පැවසූ අමාත්‍යවරයා එම විෂමතාව අනෙකුත් සේවාවන් හා ගැටෙන කරුණක් වන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශයට හුදකලාව කටයුතු කළ නොහැකි බවත් පැවසීය.
2015 ට සාපේක්ෂව ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විශාල වශයෙන් වැඩිකරන ලද අතර, විදුහල්පති වැටුප පමණක් සියයට 106කින් ඉහළ නැංවූ බව ද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.
ගුරු උපදේශන සේවය සහ ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නය ද ඉතාමත් කෙටි කාලයක් තුළ විසඳෙනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments