ගුරු විදුහල්පති වර්ජනයක්
- 2019-09-09 11:12:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා මේ මස 26 හා 27 යන දෙදින තුළ සේවයෙන් ඉවත්ව සිටිමේ වැඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගමය සඳහන් කරති.
ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටලු, උසස්වීම් ගැටලු ආදිය මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය දියත් කරන බව ද එම සංගමයේ නියෝජිතයෝ සඳහන් කරති.
ගැටලු විසඳා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ (08දා) දින ගුරු විදුහල්පති වෘත්තීය සමිති 31 එක්ව සමුළුවක් පැවැත්වූ අතර එම සමුළුවේදී මේ පිළිබඳව තීරණය කරනු ලැබිණි.
මේ අනුව 26 හා 27 යන දෙදින තුළ ගුරු විදුහල්පතිවරුන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බවද සංගම් නියෝජිතයෝ සඳහන් කරති.
Reply To:
Name - Reply Comment
0 Comments