ගුරු - විදුහල්පති වැටුප් විෂමතා විසඳිමට රජයේ අවධානය
- 2020-03-01 10:33:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
දීර්ඝ කාලයක් පුරා පවතින ගුරුවරුන් විදුහල්පතිවරුන් හා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තිකයන්ගේ වැටුප් හා සේවා තත්ත්වයන් පිළිබඳ ගැටලු සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා ගුරු සේවය ප්‍රමුඛ අදාළ සියලු සේවාවන් ඒකාබද්ධ කොට වැටුප් හා සේවා ව්‍යවස්ථාවක් සකස් කොට සුදුසු වැටුප් ක්‍රමයක් සකස් කිරීමේ අවශ්‍යතාව සෞභාග්‍ය‘යේ දැක්ම ප්‍රතිපක්ති ප්‍රකාශයේ පෙන්වා දී ඇත
ඒ අනුව කටයුතු කිරීම පිණිස මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයකට එළඹී ඇති නමුත් මේ වන විට ගුරු විදුහල්පති සේවාවන්හි පවතින වැටුප් විෂමතාව හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වය පිලිබඳව අධ්‍යාපන අමාත්‍යරයා අමාත්‍ය මණ්ඩලය වෙත දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී.
රාජ්‍ය අංශයේ වැටුප් සම්බන්ධයෙන් අධ්‍යනය කර පවතින විෂමතා ඉවත් කිරීමට හැකිවන පරිදි නව වැටුප් ප්‍රතිපක්තියක් සකස් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතවරයා විසින් මෑතකදී ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපත කර ඇති අතර, එකී කොමිෂන් සභාවේ නිර්දේශ ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව එකී කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ මගින් ගුරු - විදුහල්පති සේවාවන්හි දැනට පවතින වැටුප් විෂමතාවන් ද ඉවත් කිරීමට පියවර ගතයුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments