ගුවන් හමුදාව ගුවනින් බීජ ඉසියි
- 2018-12-13 13:37:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉහළ නැංවීම වෙනුවෙන් බීජ පිපිරවිමේ (Seed Bombing/බීජ ගුවන් මගින් ඉසීමේ) ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් ඊයේ (12දා) සිදුකර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පේරාදෙණිය විශ්ව විද්‍යලයේ හා මාස් හෝල්ඩිංග්ස් සමාගම එක්ව කළ මෙම වැඩසටහනේදී රනෝරාව රජයේ වනාතරයට බීජ 5000ක් පමණ ගුවනේ සිට පතිත කිරීම සිදුකර තිබේ.
ඒ සඳහා අනුරාධපුර ගුවන් හමදා කඳවුරේ එම්.එයි. 17 හෙලිකොප්ටරයක් යොදාගෙන ඇති අතර කරඳ, මී, කුඹුක් යන වර්ගවලට අයත් බීජ 5000ක් මෙසේ අක්කර පහක භූමියක් වෙත පතිත කර තිබේ.
2030 දී ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 27% සිට 32% ක් දක්වා වර්ධන කිරීමේ වැඩසටහනට සමගාවීමට මෙම මෙහෙයුම දියත් කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments