ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක්
- 2020-01-31 10:21:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව කොරෝනා වෛරසය හේතුවෙන්ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.
මේ සඳහා හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසීය.
විශේෂයෙන්ම ඔවුන් සැලකිලිමත් වන්නේ එය දුර්වල සෞඛ්‍ය පද්ධතියක් ඇති රටවලට ව්‍යාප්ත විය හැකි බව නිසා යැයිද ඔහු සඳහන් කළේය
වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා චීන බලධාරීන් ගෙන ඇති 'අසාමාන්‍ය ක්‍රියාමාර්ග' ගැන ප්‍රශංසා කළ ඔහු, වෙළඳාම හෝ චීනයට සංචාරය කිරීම සීමා කිරීමට කිසිදු හේතුවක් නොමැති බවද පැවසුවේය.
නව කොරෝනා වෛරසයෙන් චීනයේ පමණක් ඊයේ (30දා) දිනය අවසන් වනවිට පුද්ගලයන් 213ක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ නිල තොරතුරු ඇසුරෙන් ප්‍රකාශයට පත්කොට තිබුණි.
තවත් රටවල් 18ක රෝගීන් 98ක් වාර්තා වී ඇති නමුත් මරණ කිසිවක් සිදුවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහිදී බොහෝ ආසාධිතයන් හමුවී ඇත්තේ වෛරසය පැතිරීම ආරම්භ වූ චීන නගරයක් වන වුහාන් සිට ගමන් කළ අය තුළය.
Reply To:
Name - Reply Comment
0 Comments