Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල මේදිනවල පවතින ශීත දේශගුණයෙන් ඈත් වී නිවාඩුව ගත කිරීම සඳහා ලොව හොඳම ගමනාන්ත 20 අතරින් පළමු ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර ඇත.
 
ඇමෙරිකාවේ යූ.එස්.ඒ ටුඩේ සගරාව විසින් මෙම ලොව හොදම ගමනාන්ත විස්ස නම් කරනු ලැබ ඇත. ඒ අනුව එම සගරාව ප්‍රකාශයට පත් කළ ලැයිස්තුවේ  පිළිවෙලින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවද , දෙවැනි ස්ථානයට ගැලපගොස් දූපත් ද , තෙවැනි ස්ථානයට එක්සත් අරාබි එමිර් රාජ්‍ය යේ ඩුබායි නගරය ද  නම් කර ඇත.
 
මීට අමතරව වියට්නාමයේ හැනොයි නුවරද,ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්  නගරය , කැරබියන් දූපත් සමූහයට අයත ශාන්ත ලුසියා දූපත,තායිලන්තයේ කෝ සමුයි නගරය, පේරු හි ලීමා අගනුවර, පැසිෆික් සාගරයේ පිහිටි ශාන්ත කීට්ස් දූපත, බේලීස් රාජ්‍යය , ඉන්දුනීසියවේ බාලි දූපත් ,බ්‍රසීලය, මෙක්සිකෝව, ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා,කාම්බෝජය,නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය,චීලී රාජ්‍යය , දකුණු අප්‍රිකාව , ඕස්ට්‍රෙලියාව සහ ජැමෙයිකාව පිළිවෙලින් හොදම ගමනාන්ත විස්සට ඇතුළත්ව ඇත.

යූ.එස්.ඒ.ටුඩේ සගරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ලැයිස්තුගත කිරීම අනුව ලබන 2020 වසරේ පළමු මාස ​​දෙක තුළ ශීත සෘතුවේ ශ්‍රී ලංකාව ඇතුලු මෙම රටවල් සංචාරය කිරීම හෝ සංචාරකයෙකු වීම ගැන සලකා බැලීමට සංචාරකයින්ට මනා මඟ පෙන්වීමක් ලබා දෙනු ඇත.  (තිළිණි ද සිල්වා -ලංකාදීප )

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.