චන්දිමාල්ගේ අඩිපාරේ යමින් තිසර පෙරේරාත් යුද හමුදාවට
- 2019-12-31 11:15:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ඡා බල සේනාව වෙත එක්ව තිබේ.
යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට ඔහු එක්ව ඇති අතර ඔහු මේජර් නිලයෙන් යුද හමුදාවට ඇතුළත් කර ගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනාවක් අනුව තිසර යුද හමුදාවට එක්ව ඇති අතර ඔහු ගජබා රෙජිමේන්තුවට අනියුක්ත කර තිබේ.
යුද හමුදාව නියෝජනය කරමින් තිසර සිය පළමු තරගයට ඊයේ ක්‍රීඩා කර තිබේ.
සිය ට්විටර් ගිණුමෙන්ද තිසර මේ බව තහවුරු කර තිබේ. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් හිටපු නායකයෙක් වන දිනේෂ් චන්දිමාල්ද යුද හමුදාව ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අතර ඔහුද මේජර් නිලයට අනියුක්ත කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments