චීනයෙන් ගෙන්වූ S14 පරීක්ෂණ ධාවනය සාර්ථකයි
- 2019-09-04 13:10:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද නවතම බලවේග කට්ටල දුම්රිය වන එස් 14 ඊයේ (03දා) රත්මලාන සිට අළුත්ගම දක්වා පරීක්ෂණ ධාවනයකට යොමුකර තිබේ.
රු. මිලියන 1,845 ක වටිනාකමක් සහිත මෙම දුම්රිය නවීනතම තාක්‍ෂණික පහසුකම් වලින් සමන්විත වෙයි. එය නුදුරේදීම මගීන්ගේ භාවිතය වෙනුවෙන් යෙදවීමට නියමිතය.
විශේෂයෙන්ම උඩරට මාර්ගයේ ධාවනය වෙනුවෙන් මෙම බලවේග කට්ටල දුම්රිය නිපදවා තිබේ. එවැනිම තවත් දුම්රිය 9ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතය.
දුම්රියට ස්වයංක්‍රීය ආසන, ගමන පිළිබඳ විස්තර සහිත පරිගණක ගත තොරතුරු පද්ධතියක්, ආබාධිත මගීන් සඳහා වැසිකිළි පහසුකම්, එන්ජිමේ ඉදිරිපස සිට ගමන පටිගත කරන සීසීටීවී කැමරා, වායුසමීකරණය කරන ලද මැදිරි, ආබාධිතයන්ගේ රෝද පුටු සඳහා විශේෂ ස්ථාන සහ නවීන රූපවාහිනී පහසුකම්, ආබාධිතයින්ට රෝද පුටු මත හිඳගෙන දුම්රිය තුළට යාමට විශේෂ දොරවල් ඇතුළු පහසුකම්වලින් මෙම දුම්රිය සමන්විත වෙයි.
මෙහි පරීක්ෂණ ධාවනයට චීන කාර්මික ශිල්පීන් කණ්ඩායමක්, හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් එක්ව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments