චීනයෙන් තවත් පරිත්‍යාගයක්
- 2020-04-16 23:32:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් තවත් චීන ගුවන් යානයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දන්වා සිටියි.
චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් MU231 ගුවන් යානය ෂැංහායි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
මෙම ගුවන් යානයෙන් කොවිඩ් පරීක්ෂණ කට්ටල 20016ක්, විවිධ වර්ගවලට අයත් මුහුණු ආවරණ 110000ක්, ශරීරාවරණ ඇඳුම් කට්ටල 10000ක්, වෛද්‍ය කණ්නාඩි 1000ක්, අත් ආවරණ 50000ක් මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමතය.
මෙම වෛද්‍ය සැපයුම් තොගයේ වටිනාකම ඩොලර් 693192ක් වෙයි. චීනය මීට දින කිහිපයට පෙරාතුවත් මෙවැනිම අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් රැගත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවට යොමුකළ අතර එහි අලි බබා පදනමේ සභාපති ජැක් මා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ වෛද්‍ය පරීක්ෂණ කට්ටල 20000ක්ද විය.
Reply To:
Name - Reply Comment
0 Comments