චීනයෙන් වෛද්‍ය සැපයුම් තොගයක්
- 2020-05-08 12:06:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කර , ඒවා විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මෙම වෛද්‍ය උපකරණ තොගය රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යූ.- 231 දරන ගුවන් යානය අද (8) දින රාත්‍රී 6.33 ට චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය තුළ වූ වෛද්‍ය උපකරණ අතර , කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීමට භාවිතා කරන පී.සී.ආර්. කට්ටල 30,000 ක් තිබූ අතර , ඊට අමතරව මුව වැසුම් සහ අත් ආවරණ ද ඇතුළු තවත් බොහෝ වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් තිබූ අතර , එම වෛද්‍ය උපකරණ සියල්ලෙහි මුළු බර කිලෝ ග්‍රෑම් 4,753 ක් බව මෙම ගුවන් සේවයේ ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය .
මෙම වෛද්‍ය උපකරණ තොගය ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් , ශ්‍රී ලංකා රජය වෙත හෙට (9) දින භාර දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය .
Reply To:
Name - Reply Comment
0 Comments