Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

තායිලන්තයේ 10 වන රජු ලෙස ලබන මැයි මාසයේ දී අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් තිළිණ කර තිබේ.

ජනාධිපති වෙනුවෙන් එම බෝධින් වහන්සේ රැගෙන තායිලන්තය බලා පිටත්ව ගිය බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මෙම බෝධි අංකුරය අද (19දා) තායිලන්ත රජු වෙත පිළිගන්වනු ලැබීය. 

ජනාධිපතිවරයාද මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතව තිබුණ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.තායිලන්ත රජතුමා වෙත ලැබුණු පළමු රාජ්‍යතාන්ත්‍රික තිළිණය ද මෙය වන බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. 

අනතුරුව එම බෝධි අංකුරය තායිලන්තයේ අයෝධ්‍යා නුවර වජිරධම්මාරම විහාරස්ථානයේ රෝපණය කිරීම තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මහතා සහ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු එරට විශේෂ නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.