ජ‘පුරට ඉංජිනේරු පීඨයක් කැලණි, රජරට හා සබරගමුවට තාක්ෂණි පීඨ

2025 මැයි මස 20 ප.ව. 07:05 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයක්ද, කැලණිය, රජරට හා සබරගමුව යන විශ්වවිද්‍යාලවල තාක්ෂණික පීඨ 03ක්ද පිහිටුවීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

තාක්ෂණික හා නවෝත්පාදනය පිළිබඳ දැනුම සහිත මානව සම්පතට ආර්ථිකය තුළ ඇතිවෙමින් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා විද්‍යා තාක්ෂණ අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයකින් යොමු කිරීමට රජය තීරණය කොට තිබේ. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 165ක සමස්ත ආයෝජනයකින් යුත් විද්‍යා තාක්ෂණික මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම පීඨයන් ස්ථාපනය කළ යුතු බව එම යෝජනාවේ සඳහන් වේ.

වර්ථමාන ශ්‍රම වෙළෙඳපොළට ගැළපෙන කුසලතාවයන්ගෙන් පිරි නවීන තාක්ෂණය පිළිබඳ මනා දැනුමකින් යුත් ව්‍යාවසායකත්වය පිළිබඳ උනන්දුවක් සහිත උපාධිධාරීන් බිහි කිරිම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාවේ සඳහන් කොට ඇත.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...