Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අම්ෆන් සුලි කුණාටුව නිසා මධ්‍යම කඳුකරයට හා දිස්ත්‍රික්ක රැසකට ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට ජලවිදුලි බලය උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම ඉහළ ගොස් තිබෙන බව විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජලවිදුලිබලය උත්පාදනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් කරන ලද විමසීමක් අනුව ඊයේ (19) පස්වරුව වනවිට විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශවල තත්ත්වය පිළිබඳව වාර්තාවක් අමාත්‍යවරයාට ලබා දී ඇත.

පසුගිය දිනවල පැවැති වියළි කාලගුණික තත්ත්වය නිසා ජලවිදුලිය උත්පාදනය සියයට 15-20ත් අතර මට්ටමකට පහත වැටිනි. ඊට හේතුව වුයේ නියගය නිසා ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහත වැටී තිබීමයි.

නමුත් ඊයේ දිනය වනවිට නැවතත් ජල විදුලිබල උත්පාදනය සියයට 31.17ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ පස්වරුව වනවිට ජලාශවල පැවැති ජලමට්ටම පහත පරිදි වේ. කාසල්රී  සියයට 60.9, මාවුස්සාකැලේ සියයට 48, කොත්මලේ සියයට 54, වික්ටෝරියා සියයට 56.2, රන්දෙනිගල සියයට 55.1, සමනලවැව සියයට 65.9 වශයෙන් සමස්ත විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම සියයට 55.94ක් දක්වා ඉහළ ගොස් තිබේ. සියලු ජලාශවල ඊයේ පස්වරුව වනවිට මෙගවොට් 667.9ක් දක්වා  ජල විදුලිය උත්පාදනය කළ හැකි මට්ටමට ජලයෙන් පිරී ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඊයේ දිනය වන විට විදුලිබල උත්පාදනය දෙස බලන විට සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 31.17ක් ජලවිදුලිය මගින්ද , සියයට 65.14ක් ගල්අගුරු හා ඩීසල් තාප විදුලිය මගින්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.