Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාත්‍යන්තර පාසල් ලියාපදිංචිය හා නියාමනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ දී කීය.
 
විධිමත් නෛතික රාමුවක් සකස් කරනු ලබන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දෙනු ලබන නිර්දේශය මත සමාගම් පනත යටතේ ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කිරීම නැවත ආරම්භ කිරීමට ද අනුමැතිය ලබා දී තිබේ. ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කිරීම, නියාමනය, ගුණාත්මක බව සහතික කිරීම සහ අධීක්ෂණය සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ස්ථාපනය කිරීමටත් ගුරුවරුන් පුහුණු කිරීම ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට සිංහල, දෙමළ, ආගම සහ ඉතිහාසය යන විෂයයන් ඉගැන්වීම අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම ටද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවට පැවරෙන බව ඇමැතිවරයා කීය. 

ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් නීතිරීති හා රෙගුලාසි මෙතෙක් සකස් කර නොතිබීම හේතුවෙන් විවිධාකාර අවධිමත් ක්‍රම ඔස්සේ නිසි ප්‍රමිතියකින් තොර ජාත්‍යන්තර පාසල් සීමාවකින් තොරව රටපුරා ස්ථාපනය වීමේ අවදානමක් පවතින නිසා මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා පැවසීය.
 
ජාත්‍යාන්තර පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 95කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකික දරුවන් බැවින් රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන ගුණාත්මක අධ්‍යාපනයක් ඔවුන්ටද ලබාදෙන බවට සහතික කළ යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.
සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබාගැනීම සඳහා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව නැවත මෙරටට ගෙන්වා ගැනීමේදී සහ විදේශ ආයෝජකයින් මෙරටට ආකර්ෂණය කරගැනීමේදී නිසි ලෙස ප්‍රමිතිකරණයට ලක් කරන ලද ජාත්‍යන්තර පාසල් පැවතීම අත්‍යවශ්‍ය ප්‍රබල සාධකයක් බව ද ගයන්ත කරුණාතිගක මහතා කීවේය.
 
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත්  බවද  ගයන්ත කරුණාතිලක මහතා කීවේය.

(ඉන්දික සෙනෙවිරත්න)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.