ජාත්‍යන්තර සිසු තත්ත්වකව සම්මේලනයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට
- 2018-05-13 12:57:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බංගලිදේශයේ ඩකා නුවර ඩැපෝසිල් විශ්වවිද්‍යාලයේ දී පසුගිය 03 දින සිට 06 වන දින දක්වා පැවති 21 වන ජාත්‍යන්තර ශිෂ්‍ය තත්ත්වකව සම්මේලනයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවිය. මේ සඳහා රටවල් 15 පමණ නියෝජනය කරමින් පාසල් දරු දැරියන් සහභාගි වී වූහ.
ඉන්දියාවේ ලක්නව්හි පිහිටි සිටි මොන්ටිසෝරි ස්කූල් (CMS) නමැති යුනෙස්කෝ සම්මානලාභී ලෝකයේ විශාලතම පාසල මූලස්ථානය කරගත් අධ්‍යාපනයේ ගුණාත්වය හා විශිෂ්ටත්වය සඳහා වන ජගත් මණ්ඩලය(World Council for Total Quality and excellence in Education) මුල්කරගත් ජාත්‍යන්තර සිසු තත්ත්වකව සම්මේලනයේ විසි එක්වැන්න මෙලෙස බංගලිදේශයේදී පැවැත්වේ.
මෙම තරග අතර ,සිසු තත්ත්වකව ඉදිරිපත් කිරීම, විවාද තරග, පෝස්ටර් සහ කොලාජ් චිත්‍ර තරග,ශිෂ්‍ය පාර්ලිමේන්තු සහ ඒ ඒ රටවල සංස්කෘතිය විදහා දක්වන සංස්කෘතික අංගයන්ගෙන් යුත් ප්‍රසංග ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාවෙන් මේ සඳහා සිසුන් 166 දෙනෙක් සහභාගී වූහ. මෙම සම්මේලනය සඳහා සබරගමුව පළාත නියෝජනය කරමින් පාසල් සිසුන් 117ක් එක්වීම විශේෂත්වයකි. සෙසු සිසුන්, අනෙක් පළාත් සභා නියෝජනය කළහ. ප්‍රථම ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාව පදක්කම් 30 හිමිකරගනු ලැබීය. මෙම තරඟාවලියේ දෙවන ස්ථානය බංගලිදේශය ද, තෙවන ස්ථානය ඉන්දියාව විසින් ද හිමිකරගනු ලැබීය. මෙම තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනාගැනීම සඳහා දායක වූ සබරගමුව පළාතේ දරු දැරියන් ඇගයීමේ උළෙලක් පලාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය සහ ජාත්‍යන්තර තත්ත්වකව සම්මේලනයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක පී. පී. පී.කළුබෝවිල යන මහත්වරු එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments