Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉහළ ගුණාත්මක බවින් යුත් අධ්‍යාපන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඇතුළත්,  තිරසාර නව ජාතික අධ්‍යාපන පනතක් සකස්කිරීමට දේශපාලන නායකත්වය ලබාදීමට තමන්ට හැකිවීම පිළිබඳ සතුටට පත් වන බව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම් අනුව අලුතින් සකස් කරන ලද ජාතික අධ්‍යාපන පනත් කෙටුම්පත ඊයේ (20දා) අවසන් සංස්කරණ සහ සමාලෝචනය සඳහා එළිදක්වනු ලැබු අතර, එහි දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේ දී අධ්‍යාපන   අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමාලෝචන රැස්වීමට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන කොමිසන් සභාව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන ඇතුළු ආයතන නියෝජනය කරමින් අධ්‍යාපන බලධාරීන් රැසක් එක් ව සිටියේය.

මේ වනතෙක් පවතින 1939 අංක 31 දරන යටත්විජිත සමයේ දී හඳුන්වා දෙන ලද අධ්‍යාපන පනත වෙනුවට නව අධ්‍යාපන පනතක් සකස් කිරීම සම්බන්ධ ව මීට දශක ගණනාවක් තිස්සේ වරින් වර බලයට පත් වූ විවිධ රජයන් යටතේ විෂය භාර  අධ්‍යාපන අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ ම අවධානය යොමු ව තිබුණි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වෙනුවෙන් ගත හැකි සුවිශේෂ සහ ඓතිහාසික තීන්දුවක් ක්‍රියාවට නංවමින්, නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැතිකමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාලාන්තරයක් තිස්සේ මතුව තිබූ ගැටළු කෙරෙහි අවධානය යොමු කරමින් ඊට ස්ථාවර විසඳුම් ද ලබාදීමේ අරමුණින් නව ජාතික අධ්‍යාපන පනත හඳුන්වා දීමට තීරණය කළ බවත් මෙහි දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා  සඳහන් කළේය.

ආණ්ඩු මාරු වුව ද, ඇමතිවරුන් මාරු වුව ද,  ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වෙනස් නොවන අධ්‍යාපන ක්‍රමයක් රටට මේ හරහා ලබාදිය හැකි වන බවත්, මෙය අධ්‍යාපන ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන, සියලු දෙනාගේ ම කාලයක් තිස්සේ පැවති බලාපොරොත්තු මල්ඵල දැරීමක්   බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.