Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතිත තරුණ සේවා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ජාතික තුරුණු පොසොන් කලාපය මේ මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ සභාපති  නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම පොසොන් කලාපය සඳහා පොසොන් පහන් කූඩු භාරගැනීම මෙම 05 වැනිදා දක්වා සිදුකරන බව තරුණ සේව මධ්‍යස්ථානය සඳහන් කළේය.

පරිසර හිතකාමී ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කර පොසොන් පහන් කූඩු නිර්මාණය කළ යුතු බව එම මධ්‍යස්ථානය දැනුම් දෙන අතර, ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාග, සහතික පත් ප්‍රදානය කිරීමටද නියමිතය.

මෙම තරගය අංශ දෙකක් යටතේ පැවැත්වෙන අතර, විවෘත අංශයේ උස අඩි 15ට වැඩි කූඩු නිර්මාණ වෙනුවෙන් ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 300,000ක්, දෙවැනි ස්ථානය සඳහා රුපියල් 200,000ක්, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 100,000ක් සහ සිවුවැනි ස්ථානයේ සිට කුඩු දහයක් සඳහා රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමටද සැලසුම් කර තිබේ.

උස අඩි 10ට අඩු කූඩු නිර්මාණ වෙනුවෙන් ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 100,000ක්, දෙවැනි ස්ථානය සඳහා රුපියල් 75,000ක්, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 50,000ක් සහ සිවුවැනි ස්ථානයේ සිට කූඩු 08ක් සඳහා රුපියල් 20,000 බැගින්  මුදල් ත්‍යාග පිරිනැමීමටද නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යාකෂවරයාගෙන් (011-3185700) හෝ බස්නාහිර පළාත් අධ්‍යක්ෂවරයාගෙන් (011-2850985) ලබාගත හැකිය.

ජාතික තරුණු පොසොනේ කලාපය පැවැත්වෙන 13 වැනිදා සිට 18 වැනිද දක්වා කාලය තුළ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩමවන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාවන් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.

මීට අමතරව සීල ව්‍යාපාර, බැති ගී සරණීන්, වෛද්‍ය සායන, පොසොන් දන්සැල් පැවැත්වීමද පොසොන් කලාපයට සමගාමීව පවත්වන බවද ජාතික තරුණ සේවා සභාව වැඩිදුරටත් පවසා සිටියේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.