Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දියතලාවේ අක්කර 75 ක භූමි ප්‍රදේශයක පිහිටි ජාතික මිනුම් හා සිතියම් පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනය ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ජාතික මිනුම් දිනය සමරන ලබන මාර්තු මස 21 වැනිදා වනවිට දියතලාව ජාතික ඉඩම් කළමනාකරණ හා තාක්ෂණ විශ්ව විද්‍යාලය වශයෙන් එම ආයතනය උසස් කරන බව උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.

නව විශ්ව විද්‍යාලය සඳහා දේශන ශාලා , නේවාසිකාගාර , පරිගණක විද්‍යාගාර , ක්‍රීඩා පිටි , ආපන ශාලා ආදී පහසුකම් අලුතින් ඇති කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන මෙම ආයතනය මගින් මිනින්දෝරුකරණය පිළිබඳ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පිරිනමන අතර වෙනත් විෂයධාරා හදාරන සිසුන්ට ද ඇතුළත් විය හැකිවන සේ මෙම ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත්කරන බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

තමාත් ඉඩම් සංවර්ධන රාජ්‍ය ඇමැති එස්.බී දිසානායක , උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක , මිනුම්පති එස්.එම්.පී.පී සංගක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසකුත් ඊයේ (04) දියතලාවට ගොස් එම ස්ථානය පරික්ෂා කළ බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව දියතලාව ජාතික මිනුම් හා සිතියම් පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනය , ජාතික ඉඩම් කළමනාකරණ හා තාක්ෂණ විශ්ව විද්‍යාලය වශයෙන් උසස් කිරිම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ හා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

(අජන්ත කුමාර අගලකඩ)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.