ජාතික රණවිරු මාසය මැයි 02 දා සිට ජුනි 02 දා දක්වා
- 2018-05-02 18:59:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 ජාතික රණවිරු මාසය ප‍්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පැල`දවීම අද (02දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණි.
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති ත‍්‍රස්තවාදය අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුමේදී සිය ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන් සහ තම ශරීරාංග කැප කළ රණවිරුවන් සිහිපත් කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් කෘතගුණ සැලකීමේ අරමුණින් වාර්ෂිකව මෙම රණවිරු මාසය රජය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබේ. මෙම අතර එයට සමගාමීව රණවිරු කොඩි අලෙවිය ද සිදු කෙරේ.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් මෙහි පළමු සමරු කොඩිය ජනාධිපතිතුමාට පලඳවනු ලැබුවාය.
ඉන් අනතුරුව අද මැයි 01 වැනිදා සිට ජූනි 02 වැනිදා දක්වා කි‍්‍රයාත්මක වන පරිදි රණවිරු මාසය ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ වසර 03 ක ප‍්‍රගතිය පිළිබ`ද භාෂා 03කින් සැකසූ ග‍්‍රන්ථයක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයාට පිළිගන්වන ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments