Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජුලි මස 17 වන බදාදා දින පාන්දර යාමයේදී අර්ධ චන්ද්‍ර ග‍්‍රහණයක් ශ‍්‍රී ලංකාවට දිස්වීමට නියමිත බව තාරකා විද්‍යා ආයතනය සඳහන් කරයි.

අලුයම 12.13ට මෙම චන්ද්‍රග්‍රහණය ආරම්භවීමට නියමිත බවද එම ආයතනය සඳහන් කරයි.

මෙම අවස්ථාවේදී පෘථිවියේ උප ඡායාවෙන් සඳ ආවරණය වීම ආරම්භ වෙන බවත් මෙම අවස්ථාවේ දී සඳේ දීප්තියේ අඩුවීමක් පියවි ඇසට නිරීක්ෂණය කිරීම අපහසු බවත් එම ආයතය පවසයි.

ඉන් පසු අලුයම 1.31ට පෘථිවියේ පූර්ණ ඡායාවෙන් සඳ වැසී යාම ආරම්භ වන බවත් මෙවිට සඳේ දීප්තියේ අඩුවීමක් පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකි බවත් ඔවුන් පවසයි.

මෙලෙස සිදුවන චන්ද්‍ර ග‍්‍රහණයේ උපරිම අවස්ථාව අලුයම 3ට සිදුවන බවත් මෙවිට සඳ පෘෂ්ඨයෙන් සියයට 65ක් පෘථිවියේ පූර්ණ ඡායාවෙන් වැසී යනු ඇති බවත් තාරකා විද්‍යා ආයතනය පවසයි.

එතැන් සිට පෘථිවියේ පූර්ණ ඡායාව සඳ මතින් ඉවත් වන බවත් පෘථිවියේ පූර්ණ ඡායාව සම්පූර්ණයෙන්ම අලුයම 4.29ට ඉවත් වන බවත් ඔවුන් පවසයි.

එසේම පෘථිවියේ උප ඡායාවෙන්  සඳ පෘෂ්ඨය සම්පූර්ණයෙන්  ඉවත් වන්නේ අලූයම 5.47ට බවත් එම ආයතනය වැඩිදුරටත් පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.