ජූලි 05දා දක්වා වගා කිරීමට සුදුසු බෝග
- 2020-06-25 12:11:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
භෝග පුරෝකථනයට අනුව ජූලි 05 වැනිදා දක්වා කාලය තුළ වගා කිරීමට සුදුසු එළවළු වර්ග පිළිබඳ ජාතික කෘෂිකර්ම තොරතුරුහා සන්නිවේදන මධ්‍යස්ථානය එළිදක්වා ඇත.
දැනට වගාකර තිබෙන එළවළු වගා භූමි ප්‍රමාණය, අස්වැන්න ලැබෙනකාලය හා රටේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන කෘෂිකර්ම ව්‍යාපෘති අංශයේ නිලධාරීන් එකතු කළ දත්තවලට අනුව මෙම පුරෝකථනය සිදුකරන තිබේ.
මේ අනුව ජූලි 05 වැනිදා දක්වා කාලය තුළදී බීට් රූට් වගාකළහොත් අස්වැන්න ලැබෙනවිට ඉතාමත් හොඳ මිලක් ලැබෙන බව පැවසේ.
බෝංචි, වම්බටු, ගෝවා වගාකළහොත් සාමාන්‍ය මිලක් හිමිවන බවත්, කරවිල පතෝල, මාළු මිරිස්, තක්කාලි කැරට් වගා කළහොත් අඩුමිලක් ලැබිය හැකි බවත් ප්‍රකාශ වෙයි.
වැටකොළු, බණ්ඩක්කා, රාබු වගා කළහොත් ඉතා අඩුමිලක් ලැබියහැකි බවත්, ගොවීන්ට හොඳ මිලක්ලබාදීමට මාර්ග උපදේශයක් ලෙස දින දාහතරෙන් දාහතරට මෙම පුරෝකථනය ඉදිරියට සිදුකිරීමට නියමිතව තිබේ.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments