Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එවරස්ට් කන්ද තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් එවරස්ට් කන්ද තරණය කිරීමට ජොහාන් පීරිස් අද (22) සමත්  වී ඇත. එවරස්ට් කඳු මුඳුන තරණය කිරීමේ දෙවැනි උත්සාහය සාර්ථක කරමින් වේලාවෙන් අද (22) උදෑසන 5.55ට එවරස්ට් තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වූ බව වාර්තාවේ.  විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ට්ව්ටර් ගිණුමේ සටහනක්  තබමින් ඔහුට සුබ පැතුම් එක් කර ඇත. මීට වසර දෙකකට පමණ ඉහතදී සම්පූර්ණ කරගත නොහැකි වූ එවරස්ට් කඳු තරණය සම්පූර්ණ කිරීමේ අරමුණින් ජොහාන් පීරිස් සිය ගමන ආරම්භ කර තිබිණි. ජයන්ති කුරුඋතුම්පල  සමග 2016 වසරේ අප්‍රේල් මාසයේදී එවරස්ට් කඳු මුදුන පෙනෙන තෙක් මානය දක්වා ගමන්කළ ජොහාන්ට මීටර් 448 ක් පහළින් සිය ගමන නතර කිරීමට  සිදු වි ඇත. ඒ කඳු  මුදුනට ළඟා  වීමට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොමැති වීම හේතුවෙනි.

මුහුදු මට්මමේ සිට මීටර් 8,848 ක් උසින් පිහිටි එවරස්ට් කඳු මුදුනට සාර්ථකව ළඟා වෙමින් එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමට ජයන්ති කුරුඋතුම්පල සමත් විය. අන්තර් ජාතික කඳුනැගීමේ මගපෙන්වන්නන් විසින් නායකත්වය සපයනු ලබන කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ජොහාන් මෙවර එවරස්ට් තරණයට එක්ව තිබිණි. මීට පෙර 2012 වසරේදී නේපාලයේ ‘අයිලන් පීක්’ කන්ද තරණය කිරීම සඳහා සහභාගි වූ පස්දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමේ සාමාජිකයෙක් මෙන්ම සාර්ථකව කන්ද තරණය කළ දෙදෙනාගෙන් අයෙක් වීමට ජෙහාන් සමත් විය.
(තිලිණි ද සිල්වා)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.