ජේතවන චෛත්‍යයේ ඉරි තැලීමක්
- 2020-02-11 14:28:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අනුරාධපුර පුදබිමේ පිහිටි ලොව විශාලතම ගඩොල් ස්මාරකය ලෙස සැළකෙන මහසෙන් රජුගේ විශ්මිත නිර්මාණයක් වන ජේතවන චෛත්‍ය ඉරිතැලී ගොස් තිබේ.
හතරැස් කොටුවේ සිට ගර්භයේ පහළට උතුරු , දකුණු හා බටහිර දිසාවලින් මෙම ඉරිතැලීම් විහිදෙමින් තිබේ.
මේ පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදලේ උසස් නිළධාරියකුගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කලේ මෙම ඉරිතැලීම් දිනෙන් දින වර්ධනය වන බවත් වර්තමාන විහාරයට ඉහළින් පිහිටි ගර්භයේ ඉරිතැලුනු කොටස් දැඩි අවදානම් තත්වයක පවතින බවත්ය.
ක්‍රි.ව. 4 වන සියවසේ මහසෙන් මහ රජතුමන්ගේ නිර්මාණයක් වන ජේතවන දාගැබ ලෝක උරුම ස්ථානයක් ලෙසට යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කොට තිබේ.
මෙම ඉරිතැලීම් පිළිබඳව ජේතවන විහාරාධිකාරී ඉහල හල්මිල්ලෑවේ රතනපාල නායක ස්වාමීන් වහන්සේගෙන් විමසූ විට උන් වහන්සේ පැවසුවේ මෙම ඉරිතැලීම් දිගින් දිටටම සිදුවන්නේදැයි පරීක්ෂා කර තමන්වහන්සේට ඒ බව නොපමාව දැනුම්දෙන ලෙස ජේතවන ව්‍යාපෘති නිළධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
එසේම පවතින තත්වය පිළිබඳව දිවයිනේ ප්‍රවීන ඉංජිනේරුවකු වන මෙන්ම ජේතවන දාගැබ සංරක්ෂණ ක්‍රියාවලියේ ආරම්භයේ සිටම උපදේශකයකු ලෙස සේවය කල විද්‍යාජෝති ගැමුණු සිල්වා මහතා පසුගිය 07 වන සිකුරාදා මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිළධාරීන් සමග දාගැබ පරීක්ෂා කර උපදෙස් දී ඇත්තේ මෙම ඉරිතැලුනු කොටස් සේම කොත් කැරැල්ල මුදුනේ හා හතරැස් කොටුවේ ඇති පැලීම් තුලින් ගර්භය තුලට වැසි ජලය ඇතුළුවීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
එසේම ඉරිතැලීම් තවදුරටත් වර්ධනය වේදැයි නිරීක්ෂණය කර තමන් වෙත දන්වන ලෙසත් ඔහු උපදෙස් දී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments