ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස 2020 නම් කෙරේ
- 2020-03-12 00:41:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (11) නිවේදනය කළේය. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් මහතගේ ප්‍රධානත්වයෙන් මහ බැංකු පරිශ්‍රයේදී අද පැවැත්විණි.
මෙරට ජනතාව අතර කාසි සහ නෝට්ටු භාවිතය අවම කරමින් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද වෙත ජනතාව යොමු කිරීමේ අරමුණින් මේ වසර එලෙස ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කර තිබේ.
විශේෂයෙන්ම කාසි සහ නෝට්ටු මුද්‍රණය සඳහ යන වියදම් අඩු කිරීම, රට තුළ මූල්‍ය අන්තර්ග්‍රහණය දියුණු කරමින් කාසි සහ නෝට්ටු භාවිතයෙන් තොර සමාජයක් ඇති කිරීම යන ප්‍රධාන අරමුණු ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments