ඩෙංගු මර්දනයට ඔස්ට්‍රේලියාවෙන් බැක්ටීරියාවක්

2025 මැයි මස 15 ප.ව. 04:43 - {{hitsCtrl.values.hits}}  

ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා ඔස්ට්‍රේලියාව සොයාගෙන ඇති නව බැක්ටීරියාව ශ්‍රී ලංකාවේද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

එම බැක්ටීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමේ හැකියාවක් ඇති අතර එය දැනට වියට්නාමය, ඉන්දුනීසියාව වැනි රටවල අත්හදා බලා ඇත. මෙම බැක්ටීරියාව කෘෂිකර්ම කටයුතුවලටද යොදා ගනු ලබන බව ඒ පිළිබඳ පර්යේෂණ කළ ඔස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මෙම පරීක්ෂණ ආරම්භ කිරීමට එම විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්ටීරියාව ඇතුළ් කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක හසිත තිසේරා මහතා සඳහන් කරයි. 

නිරෝෂා ප්‍රියදර්ශනී

mosqui

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...