ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරිම 5 දා
- 2019-01-03 10:51:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය මේ මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මහා සංඝරත්නය ප්‍රමුඛව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් මෙම කටයුත්ත සිදුකරන බවත්, ත්‍රිපිටකය නොමැති සෑම විහාරස්ථානයකටම ත්‍රිපිටකය ලබාදීමටත් කටයුතු කරන බවද ඊයේ (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
ත්‍රිපිටකය ලෝකයේ මුල්වරට තල්පත්වල ලේඛනාරූඪ කරනු ලැබුවේ ක්‍රි.පූ. 1 වන සියවසේ මාතලේ අලුවිහාරේදී බවත් 05 වනදින ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ උත්සවයද මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බවද සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments