ත්‍රිපිටකය ලෝක මතක ලේඛණයට ඇතුළත් කිරීමේ කමිටු වාර්තාව ජනපතිට
- 2019-11-06 08:02:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත හා විද්වත් කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඊයේ (05දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී භාරදීම සිදු විය.
ශ‍්‍රී ලාංකීය භික්ෂු පරම්පරාවේ දායකත්වයෙන් රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ජනාධිපතිවරයා විසින් 2019 පෙබරවාරි මස 07 වෙනිදා අංක 2109/13 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මඟින් ශ‍්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කරන ලදී.
2019 මාර්තු 23 වන දින මහනුවර දළදා මාලිගා පරිශ‍්‍රයේ දී පැවති විශේෂ වැඩසටහනකදී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සඳහා වූ නිල අභිලාෂය ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත හැනාර් සිංගර් මහත්මිය වෙත භාර දුන් අතර ඒ අනුව ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත සැකසීම සඳහා විද්වත් කමිටුවක් ද පත් කරන ලදී.
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ අංශ ප‍්‍රධානී පූජ්‍ය මහාචාර්ය මැදගම්පිටිය විජිත ධම්ම හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුත් කමිටුව විසින් සකස් කරන ලද අයදුම්පත සහ කමිටු අතුරු වාර්තාව මෙසේ ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු විය.
මේ අතර විද්වත් කමිටුව විසින් පසුගිය මාස 05ක කාලය තුළ සිදුකරන ලද සමීක්ෂණ හා විද්වත් වාර්තා පරිශීලනයෙන් අනතුරුව දැනට සම්පූර්ණ පුස්කොළ පොත් ත්‍රිපිටකය ඇති ස්ථාන ද හඳුනාගෙන තිබෙන අතර ඒවා සංරක්ෂණය කිරීමට අදාළ යෝජනා ද අතුරු වාර්තාව මඟින් ඉදිරිපත් කර තිබේ.
මෙම වාර්තාව පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට වගකිවයුතු පිරිසකට පවරන බවත් ඉදිරියේ දී ද මෙම උතුම් කටයුත්ත සාර්ථක කර ගැනීම වෙනුවෙන් තම මැදිහත්වීම සිදුකරන බවත් සඳහන් කළේය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී එච්.එම්.පී. හිටිසේකර, කමිටු සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් සහ විද්වත් කමිටුවේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments