Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කරමින් පූජනීය ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05දා) පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලුවිහාරයේ දී පැවැත්වුණු අතර ජනාධිපතිවරයා එහිදී මේ බව ප‍්‍රකාශ කළේය.

මෙම ඓතිහාසික කටයුත්ත මගින් උතුම් ති‍්‍රපිටකය විකෘති අර්ථ විවරණයන්ගෙන් බේරාගෙන ඊට නෛතික ආරක්ෂාව සැලසීමට හැකි වන බවත් මින් ඉදිරියට රජයේ අවසරයකින් තොරව ති‍්‍රපිටකය සංස්කරණයට, පරිවර්තනයට හෝ අනිසි කටයුතුවලට භාවිතා කිරීමට කිසිවෙකුට ඉඩක් නොලැබෙන  බවත් ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මින්පසු ති‍්‍රපිටකය පරිවර්තනයට හා සංස්කරණයට ඉඩ ලැබෙන්නේ ප‍්‍රාමාණික විද්වත් මණ්ඩලයකට පමණක් බවත්, මේ අයුරින් රාජ්‍ය මැදිහත්වීම සිදුකළේ උතුම් ති‍්‍රපිටකයට අවැඩ සඳහා වන සියලු කටයුතු වළක්වාලීමට බවද ඔහු සඳහන් කළේය.

මහා සංඝරත්නයේ අපේක්ෂාව හා අනුශාසනා පරිදි මෙම අත්‍යාවශ්‍ය තීරණයට තමා එළැඹියේ ධර්මයේ හැසිරෙන සහ බුද්ධ භාෂිතය පිළිබඳ අප‍්‍රමාණ ගෞරවාදරයකින් බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම උතුම් පුණ්‍ය කටයුත්ත තම ධූර කාලය තුළ ඉටු කිරීමට ලැබීම තම පුණ්‍ය මහිමයක් ලෙස සලකන බව ද කියා සිටියේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.