තාහීර් එක්දින පිටියෙන් සමුගනියි
- 2019-03-06 11:43:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වසරේ ජුනි මාසයේදි එංගලන්තයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් එක්දින පිටියට සමුදෙන බව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් සඳහන් කරයි.
කෙසේ වෙතත් තමන් 2020 වසර තෙක් විස්සයි20 පිටියේ රැඳී සිටින බව තාහීර් සඳහන් කරයි. ශ්‍රී ලංකාව හා පැවැති පළමු එක්දින තරගයෙන් පසුව තාහීර් මේ බව නිවේදනය කළේය. තාහීර් මේ මාසයේදී සිය 40 වැනි වියට පා තැබීමට නියමිතය.
පාකිස්තානයේ උපත ලද තාහීර් පාකිස්තාන ඒ කණ්ඩායමට පවා ක්‍රීඩා කර තිබේ. කෙසේ වෙතත් ඔහු ජාත්‍යන්තර පිටියට පිවිසෙන්නේ දකුණු අප්‍රිකාව හරහාය. එක්දින තරග 95ක් ක්‍රීඩා කර ඇති තාහීර් කඩුලු 156ක් දවාගෙන තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments