තැපැල් ඉතිහාසයේ පළමු වරට ආදේශීකාවන්
- 2018-05-08 13:05:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තැපැල් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප‍්‍රථම වරට ආදේශකයන් ලෙස කාන්තාවන් ද බඳවා ගැනීමට තීරණය කර ඇත. අවශ්‍ය අවස්ථාවන්හි දී සේවයේ යෙදවීමට හැකිවන සේ කාන්තා ලියාපදිංචි ආදේශිකාවන්ගේ සංචිතයක් ප‍්‍රාදේශීය තැපැල් අධිකාරි කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන ලෙස තැපැල් අධිකාරිවරුන්ට චක‍්‍රලේඛයක් මඟින් දන්වා යවා ඇත.
දෙපාර්තමේන්තුව තුළ කාන්තා නිලධාරිනියන් වැඩි ප්‍රමාණයක් සේවය කරන අතර ඔවුන් රාත‍්‍රී සේවාවන්හි නිරත වෙන අවස්ථාවල කාර්යාල කාර්ය සහයක ඇතුළු ශ්‍රේණිවල රාජකාරි සඳහා යෙදවීමට ඇත්තේ පිරිමි සේවකයින් නිසා රාජකාරි අවශ්‍යතා මත කාන්තාවන් ද ආදේශක තනතුර සඳහා බඳවා ගැනීමට දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
රාත‍්‍රී සේවාවන්හි සහ වෙනත් හදිසි අවස්ථාවල දී කාන්තා නිලධාරිනියන්ගේ ආරක්ෂාව හා පහසුව සැලසීම සඳහා සහායක සේවිකාවන් යෙදවීමේ අවශ්‍යතාවය කාන්තා ප‍්‍රඥප්තියෙහි සඳහන් වේ.
Reply To:
Name - Reply Comment
0 Comments