Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හම්බන්තොට තිස්සපුර කනිෂඨ විද්‍යාලයේ සිසුන්ට පසුගියදා අමතක නොවන දිනයක් උදාවිය. ඒ චයිනා මර්චන්ට්ස් පුණ්‍යාධාර පදනම විසින් එම පාසලේ ඉදිකරන ලද නව දෙමල් ගොඩනැගිල් පසුගිය 18 දා විවෘතකිරීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ සහ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ දකුණු පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ඉහළ කළමනාකාරිත්වයද එක්විය.

සමාරම්භක උත්සවයේ ආරම්භ කථාව සිදුකළ නේත්මා ඩිනෙත්‍රි සඳහන් කළේ “අද අපේ ප්‍රීතිමත්ම දවස” යනුවෙනි.

“අපට නවීන ගොඩනැගිල්ලක් තිබෙන අතර එය පරිගණක කාමරයක්, සංගීත කාමරයක් සහ නවතම පුස්තකාලයකින් සමන්විතය. එවැනි ඉගැන්වීමේ පරිසරයක් තුළ අපගේ අධ්‍යාපනය වඩාත් ඵලදායීව සිදුකිරිම හැකිවෙනවා. මෙවන් පුදුමාකාර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා උපකාර කිරීම වෙනුවෙන් චීන සමාගමට සහ චීන තානාපති කාර්යාලයට ස්තූතිය ප්‍රකාශ කරනවා” යැයි නෙත්මා පැවැසුවාය.

තිස්සපුර කනිෂ්ඨ පාසල හම්බන්තොට වරායේ සිට කි.මී. 20 ක් දුරින් පිහිටි වීරාවිල ප්‍රදේශයේ පිහිටි රජයේ පාසල් තුනෙන් එකකි. මෙම පාසල 1986 දී ආරම්භ කර තිබේ.

දැනට එහි සිසුන් 300 ක් සහ ගුරුවරුන් 24 ක් පමණ සිටිති. පාසල බොහෝ කාලයක් තිස්සේ අබලන් වී තිබුණි. විවිධ ශ්‍රේණිවල සිසුන්ට එකම පන්ති කාමරයක් බෙදා ගැනීමට සිදුවිය.

පාසලේ තත්ත්වය වැඩිදියුණු කිරීම විදුහල්පති ඒ. එච් වීරකීර්ති මහතාගේ ප්‍රධාන ඉලක්කය බවට පත්විය.  ඒ සඳහා හම්බන්තොට වරාය පවත්වාගෙන  යන චයිනා මර්චන්ට්ස් සමූහයෙන් උදව් ලැබුණි.

“අධ්‍යාපන පරිසරය වැඩිදියුණු කිරීම සඳහා පහසුකම් සහිත දෙමහල් ඉගැන්වීම් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අපට උදව් කිරීමට චීන සමාගම එකඟ වුණා. ” වීරකීර්ති මහතා පැවසීය.

නමුත් විදුහල්පතිවරයාට හදිසියේම පිළිකාවක් වැළඳී ඇති අතර ඔහුගේ තත්වය වේගයෙන් පිරිහී ගියේය. කෙසේ වෙතත් ව්‍යාපෘතියේ ප්‍රගතිය සහතික කිරීම සඳහා වීරකර්තිට ඉක්මනින් වැඩට පැමිණීමට සිදුවිය. ඔහු විසින් සිදු කරන ලද කර්තව්‍යයට සරිලන පරිදි වෛද්‍ය ප්‍රතිකාර පවා වෙනස් කළේය.

“මා කළ ආකාරයටම මුළු පාසලේම ගුරුවරුන් සහ සිසුන් ගුරු ගොඩනැගිල්ල දෙස බලා සිටි බැවින් මට ව්‍යාපෘතියෙන් ඉවත් වීමට නොහැකි වුණා. ” වීරකීර්ති මහතා පැවසීය.

මාසයක පමණ වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු ඔහු නැවත පාසලට පැමිණියේ එහි ඉදිකිරීම් අධීක්ෂණය සඳහා ය.

"මම මගේ චීන මිතුරන්ට පොරොන්දු වුණා මම අනිවාර්යයෙන්ම ව්‍යාපෘතිය නිම කිරීමට නැවත පැමිණෙන බව. පාසලේ දරුවන්ට සහ ප්‍රදේශයේ ගම්වැසියන්ට ප්‍රතිලාභ ලබා දීමට මම අධිෂ්ඨාන කරගත්තා. රෝගය මඟහරවා ගැනීමට එය මට උපකාරයක් වුණා. " යැයි  විදුහල්පතිවරයා පැවසීය. .

 “සිසුන්ට ගම තුළම උසස් පාසලකට යා හැකි නම්, ඔවුන් දිනපතා දුර බැහැර ප්‍රදේශවලට ගොස් ඔවුන්ගේ දෙමාපියන්ට කරදරයක් විය යුතු නෑ. නමුත් උසස් පාසලකට සුදුසු ආකාරයේ ගුරුවරුන් සිටිය යුතු අතර අවශ්‍ය උපකරණද තිබිය යුතුය. චීන සමාගම අපට ලබා දී ඇති නව ඉගැන්වීම් ගොඩනැගිල්ල සහ කාර්යාල පහසුකම් පාසල වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත. ඊළඟට අප ගුරුවරුන්ගේ මට්ටම හා ඉගැන්වීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය යුතුයි.” යැයි ඔහු පැවැසීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පැවැසුවේ විදුහල්පතිවරයාගේ කැපවීම මත පාසලේ සිසුන්ට දීප්තිමත් අනාගතයක් උදාවෙනු ඇති බවයි.

“සංස්කෘතික හා අධ්‍යාපන ක්‍ෂේත්‍ර තුළ සහයෝගීතාව ශක්තිමත් කිරීම හා පුළුල් කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාව සමඟ දිගටම සම්බන්ධ වී කටයුතු කරනවා.” යැයි චීන තානාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

ෂිංහුවා ඇසුරෙනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.