Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය මත මෙරට පාසල් දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් දකුණු කොරියානු ජනරජයේ  ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඉදිරියේ දී ද මෙම වැඩසටහන් පැවැත්වීම සඳහා වන අවබෝධතා  ගිවිසුම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ගුවැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ, ජෑන්ග් හුවයි ගුක් මහතා අතර පසුගියදා (27) දකුණු කොරියාවේ ගුවැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලයේදී සිදු කෙරිණි.

මෙම වැඩසටහන යටතේ යටතේ පසුගිය වසර කිහිපයක සිට මෙරට තෝරාගත් පාසල් වෙත පරිගණක පහසුකම් ලබා දීමට ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත.

මීට අමතරව දකුණු කොරියානු ජනරජයේ මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලයේ අනුග්‍රහය යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීන් ඇතුළු ගුරු භවතුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහනක් ද දකුණු කොරියාවේ දී වාර්ෂිකව පවත්වනු ලබයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.