දන්ත පිරවුම්වලට නව විසඳුමක්
- 2019-09-02 09:40:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දත් පිරවීම්වලට විසඳුමක් ලෙස එනමලය ස්වභාවිකව වර්ධනය කිරීමට උපකාරී වන නව ද්‍රව්‍යයක් නිපදවීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇත. එනමලය නැවත වර්ධනය කිරීම සම්බන්යෙන් දශක ගණනාවක සිට විද්‍යාඥයෝ පර්යේෂණයවල නිරත වූහ. දත්වල එනමලය මානව ශරීරයේ ඉතා දෘඩ කොටසක් වන අතර එය පළුදු වූ පසු නැවත යථා තත්ත්වයට පත්නොවන බැවින් දත් කුහර ඇතීවීම බොහෝ දෙනෙක් අතර දැකිය හැකි රෝගයක් බවට පත්ව ඇත.
මෙම නව ක්‍රමයෙන් කැල්සියම් පොස්පේට් ඉතා කුඩා බිඳිති පැය කිහිපයකින් මෘදු එනෙමලයක් ලෙස සකස් වීම සිදුවේ. එනම් දන්ත එනෙමලයේ නිවැරදි ව්‍යුහය සැකසීම සඳහා කැල්සියම් පොස්පේට් ඉතා කුඩා බිඳිති භාවිත කිරීම සිදුකරනු ලබයි. එය මාළු කොරපොතු හා සමාන වෙයි. එවා දත් මත තැබූ විට අලුතින් සකස් වන එනෙමලය ද සාමාන්‍ය එනෙමලය මෙන්ම ශක්තිමත් බව සොයා ගෙන ඇත. දින දෙකක් පමණ වන විට එය මයික්‍රෝමීටර් තුනක් පමණ ඝනකමින් යුක්ත වේ තවමත් මෙය පර්යේෂණ මට්ටමේ පවතින අතර තවත් වසර දෙකකින් පමණ මෙය අත්හදා බැලීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. (ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments