Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2019 වසර සඳහා වූ අයවැය අද (5) පස්වරු 2.00ට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්  ආරම්භ  කරනු ලැබීය  වසර සඳහා වූ අය වැය පසුගිය නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද හදිසියේ ඇතිවූ ආණ්ඩු වෙනස නිසා එය සිදු කිරීමට නොහැකි වූ බව ආණ්ඩු පක්ෂය කියයි.  වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබ කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ විය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ආරම්භ කරයි.

  • දරුවන්ගෙන් සමන්විත හරිත සමාජ ඇති කිරීමට දිරිමත් කරනවා
  •  සමෘද්ධි ව්‍යාපෘතිය ප්‍රතිසංවිධානය කරනවා. තවත් හය ලක්ෂයක අතිරේක පිරිසක් මීට එකතු කර ගත යුතු වෙනවා. රුපියල් මිලියන දස දහසක් වෙන් කරනවා. 
  • හමුදා සාමාජිකයන්ගේ නිලඇඳුම් දීමනාව වැඩිකෙරේ. 
  • 2016 ජනවාරියට පෙර සහ පසු විශ්‍රාම ගිය පිරිසේ විශ්‍රාම වැටුප වෙනසේ ගැටලුව නිරාකරණය කරෙයි. ඒ සඳහා තවත් රුපියල් මිලියන 12000ක් වෙන් කෙරෙයි. විශ්‍රාමිකයන් 585000කට මෙයින් ප්‍රතිලාබ ලැබේ. 
  • රජයේ සේවක වැටුප් වැඩිවීම ලබා දෙන්න රුපියල් බිලියන 40ක් වෙන් කෙරෙයි. ජුලි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට රුපියල්  2500ක අමතර දීමනාවක්.
  • ග්‍රාමීය මාර්ග ඉදි කිරීමට සංවර්ධනයට  රුපියල් මිලියන 10,000ක් ඉදි කරනවා.
  • බස් ගමනාගමනය ජාල ගත කරනවා. ඒකාබද්ධ බස් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 1300ක් වෙන් කරනවා.  
  • පානීය ජල අවශ්‍යතාවයක් සපුරාලීමට මිලියන 45000ක් වටිනා පානීය ජල නල ව්‍යාපෘති සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනවා.
  • බෝගම්බර සිරගෙදර පොදු ස්ථානයක් බවට  පරිවර්ථනය කර සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 750ක් වෙන් කරයි.
  • කොළඹ ගංවතුර කළමනාකරණයට රුපියල් මිලියන 10900ක් වෙන් කර ඇත.
  • ක්‍රීඩාව සඳහා දැනටමත් රුපියල් මිලියන 3800ක් වෙන් කර තිබෙනවා. මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය සහ කොලොන්නාවේ මල්ලිමආරච්චි ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 300 බැගින් වෙන් කරනවා.
  • අයාලේ යන සුනඛයන් වන්ධ්‍යකරණයට ලක් කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරනවා.
  • සුව සැරිය ගිලන්රථ සේවයේ නැවතුම් ස්ථාන ඉදි කිරීමට රුපියල් මිලියන 200ක්  වෙන් කරයි.
  • ප්‍රාථමික සුව සත්කාර ඒකකය ශක්තිමත් කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමට සහ අවදානම් තත්ත්වයේ සිටින රෝගීන් පසු විපරමට රුපියල් මිලියන 1625ක් වෙන් කර තිබෙනවා.
  • කෘෂිකර්මය, සත්ව පාලනය, විසිතුරු මසුන් වගාව, ඩෝසර් භාවිතය ආදිය පුහුණු කිරීමට යුද හමුදාව ඉදිරිපත් වී සිටිනවා. එන්වීකිව් සහතික දෙන මෙම පාඨමාලා තෝරාගත් යුද හමුදා කඳවුරුවල ඇති කරනවා. ක්‍රීඩාවලින් ඉදිරියට යන තරුණ තරුණියන්ට නොමිලේ යුද හමුදා කඳවුරුවල පුහුණු අවස්ථාව දෙන ක්‍රමයක් ඇති කරනවා.
  • රජයේ ලියාපදිංචි පෙරපාසල් ඇති කරන්න පොලියෙන් 50% රජය දැරීමේ පදනම මත සහන ණය ලබා දෙනවා
  • අපොස උසස්පෙළට පෙනී සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමිවන සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යෑමට මයි ෆියුදර් නමින් රුපියල් මිලියන 1.1ක පොලී රහිත ණය ක්‍රමයක් හඳුන්වා දෙනවා. 
  • රුහුණ විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයක් ඇති කරනවා.
  • රජයේ ලියාපදිංචි පෙරපාසල් ඇති කරන්න පොලියෙන් 50% රජය දැරීමේ පදනම මත සහන ණය ලබා දෙනවා.
  • උසස් පෙළින් ඉහළින්ම සමත්වන සිසුන්ට අරමුදලක් ඇති කරනවා. අධ්‍යාපන විශිෂ්ඨත්වය සඳහා මේ අරමුදලින් සෑම වසරකම ලංකාවේ හොඳම ප්‍රතිඵල ලබා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබීමට අවස්ථාව ලබා දෙනවා. 2019 අගෝස්තු මාසයේ දී හොඳම ප්‍රතිඵල ලබා ගන්නා 14 දෙනකුගෙන් මේ වැඩසටහන ආරම්භ කරනවා.
  • සෑම දරුවකු සඳහාම වසර 13ක අධ්‍යාපනය තහවුරු කිරීම සඳහා වන වැඩසටහන ආරම්භ කිරීමට තවදුරටත් සහාය දෙනවා. විද්‍යාගාර, ගුරු නිවාස ආදිය දියුණු කිරීමට රුපියල් මිලියන 32000ක් වෙන් කර තිබෙනවා.
  • හෝටල් නවීකරණය සඳහා අවශ්‍ය වන තෝරාගත් අයිතිම කිහිපයක් සඳහා සෙස් බද්ද අඩු කෙරේ.
  • අන්තර්ජාලය ඔස්සේ නවාතැන් වෙන් කිරීමට අවසර දෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියා ලියාපදිංචි කාමර පහකට වැඩි නවාතැන්පොළවල්වලට පමණි.  
  • මැණික් කැපීම හා ඔප දැමීමේ යන්ත්‍ර ආනයනය කිරීමේ වරාය හා ගුවන් තොටුපොළ බද්ද අඩු කෙරේ.
  • ආදායම් බුද්ධි ඒකකයක් මුදල් අමාත්‍යංශයේ පිහිටුවීමට කටයුතු කරනවා.
  • පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු දේශීය ආදායම් පනතට අවශ්‍ය සංශෝධන සිදු කරනවා.
  • ආනයනික නිෂ්පාදන ඇතුළු සියලුම නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිතය ඇති කරන්න අවශ්‍ය පියවර ගන්නවා.  
  • විදේශයන්හි සේවය කර පැමිණෙන පුද්ගලයන්ට සිහින මාලිගා ණය ක්‍රමය හඳුන්වා දෙනවා. එය අවුරුදු දෙකකින් පසු ගෙවීම ආරම්භ වන අවුරුදු 15කදී ගෙවා අවසන් කළ හැකි ණය ක්‍රමයක්.
  • අලුතින් බැඳින තරුණ ජෝඩුවලට අවුරුදු 25කදි ගෙවන්න ‘හෝම් ස්වීට් හෝම්‘ ණය යෝජනා ක්‍රමය ඇති කරනවා.  
  • නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය සහ නිවාස ගම්මාන නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් 2019 රුපියල් මිලියන 24000ක් වෙන් කර තිබෙනවා. 
  • නිධන් ගත වකුගඩු රෝගීන්ට දැනට රුපිල් 5000ක් දෙනවා. එහි පොරොත්තු ලේඛනය අඩු කිරීමට තවත් රෝගීන් 5000කට එම දීමනාව ලබා දීමට රුපියල් මිලියන 1840ක් වෙන් කරනවා.
  • විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන්ට දැනට ගෙවන රුපියල් 3000ක මුදල රුපියල් 5000 දක්වා වැඩි කරනවා. ඒ සඳහා රුපියල්  මිලියන 4320ක් වෙන් කරනවා.​
  • සේවයකන් 250ට වැඩි ආයතනවල ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීමට පෞද්ගලික ආයතනවලට  එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ රැකවරණ සහන ණය ලබා දෙනවා.
  • ප්‍රසූත නිවාඩු මාස තුනක් ලබා දීමට පෞද්ගලික අංශය දිරිමත් කරනවා. ප්‍රසූත නිවාඩු මාස හතර දක්වා ලබා දෙන්නේ නම් අතිරේක අඩු කිරීම සියයට සියය දක්වා ලබා දෙනවා. 
  • ලංකාවේ ලක්ෂ 10කට වඩා ජනතාවට වැසිකිලි පහසුකම් නෑ. හම්බන්තොට පමණක් ලක්ෂයකට පමණ වැසිකිලි පහසුකම් නෑ.  මොණරාගල වැසිකිලි නැති ගෙවල් 25,000ක් තිබෙනවා.මේ වසර අවසන් වන විට වැසිකිලි පහසුකම් නැති ගෙවල්වලට වැසිකිලි ලබාදීමට රුපියල් මිලියන 4000ක් වෙන් කරනවා. සෑම ප්‍රධාන බස් නැවතුම්පොළවල්වල සහ දුම්රිය ස්ථානවල පිරිමි, ගැහැණු සහ ආබාධිත අයට වැසිකිලි සකස් කර ඒවා කරගෙන යෑමට පෞද්ගලික අංශයට බාර දෙනවා. 
  • ​නොමිලේ කිරි වීදුරුවක් සියලුම ග්‍රාමීය පාසල් දරුවන්ට ලබා දෙනවා.
  • නව ධීවර වරායන් සහ නැංගුරම් පොළවල් ඉදි කිරීමට මිලියන 1300ක් වෙන් කරනවා.
  • මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘතියේ වැඩ 2020 වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
  • මොරගහකන්දේ සිට ජලය ගෙන යෑමට වයඹ මහ ඇල සහ ඇල මාර්ග සකස් කිරීමට රුපියල් මිලියන 12000ක් වෙන් කරනවා.
  • කුරුඳු අපනයනය වැඩි කිරීමට කටයුතු කිරනවා. කුරුඳු කර්මාන්තය පුහුණු කිරීමේ ආයතනය වෙනුවෙන් රුපියල් මිලියන 75ක් වෙන් කර තිබෙනවා. 
  • රට තුළ ටයර් නිෂ්පාදනය සහ රබර් ආශ්‍රිත නිෂ්පාදනයට රබර් කිරි හිඟකම බලපානවා. රබර් වගාව දියුණු කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කර තිබෙනවා.
  • පසු අස්වනු හානිය අවම කර ගැනීමට කාර්යක්ෂම හා ඵලදායී ගබඩා ඇති කළ යුතුයි.
  • ගබඩා පහසුකම් ඇති කිරීමට පෞද්ගලික ව්‍යවසායකයන්ට ආරාධනා කරනවා. පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කරනවා.
  • ආදර්ශ කෘෂි උද්‍යාන ඇති කරනවා. 
  • කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බද්ද අඩු කරනවා.
  • නව ව්‍යවසායකයන් අධෛර්යමත් වන ආකාරයට වැඩ කරන බැංකු නිලධාරීන් ඉන්නවා. ඒ ගැන දැනුම් දෙන්න විශේෂ අංකයක් හඳුන්වා දී තිබෙනවා. 1925 යන අංකයට දැනුම් දුන් විට මට සහ අදාළ බැංකුවට තොරතුරු යනවා. 
  • ගම්පෙරළිය සඳහා රුපියල් මිලියන 48,000ක් මේ වන විටත් වෙන් කර වැඩ ආරම්භ කර තිබෙනවා. දවස් 51 කුමන්ත්‍රණයේ මුලින්ම නැවතුණේ මේ වැඩසටහන.නීතිමය නොවන අමාත්‍ය මණ්ඩලය විසින් මෙය නතර කළත් අපේ රජය ජනවාරි මාසයේදී යළි ආරම්භ කළා.  මේ වැඩසටහනට අලුත් විෂය පථයන් ඇතුළත් කළා.
  • පුරවැසියන් සවිබල ගැන්වීම රජයේ මූලික අරමුණයි. දේශපාලන, සමාජ සහ ආර්ථික සවිබලගැන්වීම් මගින් මෙම අරමුණ සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
  • දිළිඳු සහ දුබල ජනතාව ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට අපි පෙළෙඹෙනවා. මුදලින් පමණක් නොවෙයි ගුණාංගවලිනුත් පොහොසත් සමාජයක් බිහි කරන්නට පුලුවන් වෙයි කියා විශ්වාස කරනවා.
  • අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් ලබා දෙනවා.  
  • 2015 අපට බාර ගන්න සිදුවූයේ පුපුරා යෑමට ආසන්න කාල බෝම්බයක් වගේ ආර්ථිකයක්. එසේ වුවත් ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කරන්න අපට හැකිවුණා.
  •  ව්‍යාකූල දේශපාලන තත්ත්වය නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණා.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.