Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන රටවල් අතර ලෝකයේ රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව 68 වැනි ස්ථානයට  පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

දරුවන්ගේ පැවැත්ම, සෞඛ්‍යය, අධ්‍යාපනය, පෝෂණය තිරසාර බව, හරිතාගාර වායු විමෝචනය ඇතුළු කරුණු පදනම් කර ගනිමින් මෙම දර්ශකය ගණන කර තිබේ.

කෙසේ වෙතත් ලෝකයේ කිසිදු රටක් දරුවන්ගේ සෞඛ්‍යය, ඔවුන්ගේ පරිසරය සහ ඔවුන්ගේ අනාගතය ප්‍රමාණවත් ලෙස ආරක්ෂා නොකරන බව සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

ලොව පුරා ළමා හා නව යොවුන් සෞඛ්‍ය විශේෂඥයින් 40 කට අධික සංඛ්‍යාවක් එක්ව මෙම වාර්තාව පිළියෙළ කර තිබේ.

අවුරුදු 5 ට අඩු ළමා මරණ අනුපාතිකයන් විශාල ලෙස අඩු කිරීම ඇතුළුව ළමා හා මාතෘ පැවැත්ම වැඩිදියුණු කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

දිවයින පුරා සිටින පිරිමි හා ගැහැණු ළමුන්ට ප්‍රාථමික පාසල් අධ්‍යාපනයට පිවිසීමේ ඇති හැකියාව ඉහළ මට්ටමක පවතින බවත් 2030 වන විට ඒක පුද්ගල කාබන් විමෝචනය පරාජය කළ හැකි රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේ වෙතත්, හානිකර අලෙවිකරණයෙන් ළමයින්ට ඇති පැහැදිලි තර්ජනය ද වාර්තාව මගින් ඉස්මතු කරයි. ශ්‍රී ලංකාවේ, ආහාර හා පාන ආශ්‍රිත වෙළඳ දැන්වීම් වලින් 78% ක්ම ළමයින් ඉලක්ක කර ගත් ඒවා වන අතර, මෙම 74% ක්ම සෞඛ්‍ය ප්‍රතිලාභ ඇති බව සඳහන් කළත් එයින් බෝහෝමයක් එසේ ප්‍රතිලාභ නොදෙන බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

“ශ්‍රී ලංකාවට එහි ශ්‍රේණිගත කිරීම ගැන ආඩම්බර විය හැකි නමුත් අපගේ දරුවන් මුහුණ දෙන බොහෝ අභියෝගයන්ට මුහුණ දීමෙන් එය තවදුරටත් ඉදිරියට යා යුතු බව පැහැදිලියි” යනුවෙන් යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ටිම් සුටන් මහතා පැවසීය.

“මන්දපෝෂණය, ගුණාත්මක අධ්‍යාපනය සහ දේශගුණික විපර්යාස ඇතුළු ළමුන් මුහුණ දෙන තීරණාත්මක ගැටළු රාශියකට විසඳුම් සෙවීමට ජනාධිපති කැපවී සිටින බව අපි දනිමු. මෙම කැපවීම් රට පුරා ළමුන් සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග බවට පත් කිරීම සඳහා යුනිසෙෆ් ශ්‍රී ලංකාවේ ජනතාවට අඛණ්ඩව සහයෝගය ලබා දෙනවා” යැයි ඔහු පැවැසිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ මහතා සඳහන් කළේ, “පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාව ළමා සෞඛ්‍යයේ සැලකිය යුතු දියුණුවක් ලබා ඇති අතර, ලබා ඇති ප්‍රගතිය ගැන ආඩම්බර විය හැකියි. කෙසේ වෙතත්, මෙම වාර්තාව ඉස්මතු කරන පරිදි, අපගේ ලාබාලම පුරවැසියන්ට දීප්තිමත් අනාගතයක් ලබා ගැනීම සඳහා අඛණ්ඩ උත්සාහයන් අවශ්‍ය වේ.

ළමුන්ගේ සහ නව යොවුන් වියේ දරුවන්ගේ සෞඛ්‍යය හා සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමෙන් ජීවිත කාලය පුරාම සහ පරම්පරා ගණනාවක් පුරා ප්‍රතිලාභ ලැබේ. ශ්‍රී ලාංකිකයන්ගෙන් තුනෙන් එකක් වයස අවුරුදු 19 ට අඩු අය වන හෙයින්, තරුණ කේන්ද්‍රීය වැඩසටහන් සඳහා ප්‍රමුඛතාවය දීම අත්‍යවශ්‍ය වේ. මෙම වාර්තාවේ ඉස්මතු කර ඇති කරුණු ඇතුළු සාක්ෂි ප්‍රතිපත්ති හා භාවිතයට පරිවර්තනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙල සහ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය අඛණ්ඩව කටයුතු කරනු ඇති අතර එමඟින් අපේ දරුවන් සුරක්ෂිත අනාගතයක් සඳහා ආයෝජනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් වනු ඇත. ”

නෝර්වේ, කොරියානු ජනරජය සහ නෙදර්ලන්තයේ ළමයින්ට පැවැත්ම සහ යහපැවැත්ම සඳහා හොඳම අවස්ථාව ඇති බවත් මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, සෝමාලියාව, නයිජර් සහ මාලි යන රටවල ළමයින්ට දරුණුතම ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.