Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සියලු පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස සළකා ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව දරුවන් පාසල් යැවීමට කටයුතු කරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මාපියන්ගෙන් ඉල්ලා සිටියි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා එම කරුණු සඳහන් කරයි.
  
‘රට රකින ජාතිය’ ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව රටේ සියලු පුරවැසියන්ගේත්, දේපළවලත් ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම අවධියෙන් සිටින බව පවසන යුද හමුදාපතිවරයා රටේ අනාගතය වන ළමා පරපුර ආරක්ෂා කිරීම ප්‍රමුඛත්වයක් ලෙස සලසා පාසල්වලට ආරක්ෂාව සපයා ඇති හෙයින් සියලු සිසු දරුවන් පාසල්වලට එවැන්නයි දෙමාපියන්ගෙන් යළි යළාත් ඉල්ලා සිටින බව ද පවසයි.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් රටේ ආර්ථික සංවර්ධනයට සෘජු දායකත්වයක් ලබාදෙන රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් සේවය වාර්තා කිරීමේ අඩුවක් සහ ජන ජීවිතය අඩාළ වීමක් සිදුවූ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.
ප්‍රහාරය සිදු වූ කෙටි කාලයක් තුළ සේනාධිනායක ලෙස ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාවලට අවශ්‍ය සියලු බලතල දුන් බැවින් ත්‍රස්තවාදීන් විනාශ කිරීමට සහ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ සියලු දෙනා අල්ලා ගැනීමටකරන ලද මෙහෙයුම් සහ පරීක්ෂණ ඉතා සාර්ථකව සිදු කෙරෙන බව යුද හමුදාපතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

රට තුළ ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් රජයේ සහ පෞද්ගලික අංශවල සේවක සේවිකාවන්ගේ සේවයට පැමිණීම සහ ජන ජීවිතය පවත්වාගෙන යෑම මේ වනවිට සතුටුදායක ලෙස වර්ධනය වී ඇතැයි ද එහි දැක්වේ.

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව ද යුද හමුදාපතිවරයාගේ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. 

යුද්ධ හමුදාව පාසල් ආරක්ෂාවට දායකත්වය සපයන අයුරු - ඡායාරූපය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.