Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විවිධ හේතුන් නිසා අසරණ වී සිටින දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්  “දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල” ස්ථාපනය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (01දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

විවිධ පරිත්‍යාගශීලි පුද්ගලයන්ට සහ සංවිධාන වෙත තම පරිත්‍යාගයන් වගකීමෙන් හා නෛතිකව පිළිගත හැකි අයුරින් ලබා දිය හැකි ව්‍යුහයක් ඇතිකිරීමේ කාලීන අවශ්‍යතාවය ඉටුකරමින් මෙම අරමුදල පිහිටුවා තිබේ.

විවිධ ප‍්‍රභවයන්ගෙන් හඳුනාගනු ලබන අතිශය දරිද්‍රතාවයෙන් යුත් පවුල්වල දරුවන් හට ආධාර කිරීම, දෙමාපිය රැකවරණය හා සුරක්ෂිතභාවය අහිමි දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා පිහිටවීම, නිවුන් දරුවන් හෝ ඊට වැඩි දරුවන් ප‍්‍රමාණයක් එකවර බිහිකිරීම හේතුවෙන් ඔවුන් රැක බලා ගැනිමට ඇති ආර්ථික දුෂ්කරතාවයන්ට උපකාරී වීම, දෙමාපියන් විසින් දරුවන් අතහරිනු ලැබීම හේතුවෙන් අසරණභාවයට පත් දරුවන්ගේ සුබසාධනයට උපකාරී වීම, උපතින් ම හෝ වෙනත් හේතුන් මත ශාරිරික දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා ආධාර දීම මෙම අරමුදල මඟින් සිදු කෙරෙනු ඇත.

එමෙන්ම විවිධ සුවිශේෂී දක්ෂතාවයන්ගෙන් හෙබි එහෙත් දරිද්‍රතාවය හේතුවෙන් ඉදිරියට යාමට හෝ එම දක්ෂතාවයන් ඔප්නංවා ගැනීමට අපහසුතා ඇති දරුවන්ට හට උපකාර කිරීම, නව නිපැයුම්, අත්හදා බැලීම්, පර්යේෂණ හා නව සොයා ගැනීම් සිදු කරනු ලබන සහ සුවිශේෂී ක්‍රීඩා කෞශල්‍යයන් සහිත හා සුවිශේෂී අධ්‍යාපනික දක්ෂතා සහිත දරුවන් උපකාර කිරීම මෙ මගින් සිදුකිරීමට  අපේක්ෂිතය.

දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල සඳහා ජනාධිපති කාර්යාලය ප‍්‍රමුඛ රාජ්‍ය ආයතන සහ ත්‍රිවිධ හමුදාව, පෞද්ගලික අංශය ඇතුළු ආයතන විසින් සිදු කරන ලද මුදල් පරිත්‍යාග ජනාධිපති වෙත නිල වශයෙන් භාරදීම ද මෙහි දී සිදු කෙරිණි.

මේ අතර තුන් නිවුන් දරුවන් සිටින පවුල් තුනක් වෙනුවෙන් එම පවුල්වල ආර්ථික දුෂ්කරතා සඳහා සහනයක් ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් පරිත්‍යාග කිරීමටද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.