දරුවන් වෙනුවෙන් නව ලොතරැයියක්
- 2019-11-15 20:28:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දරුවන් සුරැකීම වෙනුවෙන් පිහිටුවා තිබෙන විශේෂ භාර අරමුදල සඳහා ප්‍රතිපාදන සම්පාදනය වෙනුවෙන් 'දිරි දරු සම්පත' නමින් නව ලොතරැයියක් හඳුන්වා දී තිබේ.
2019 ලෝක ළමා දිනයට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම විශේෂ භාර අරමුදල දියත් කරන ලදී.
ජාතික ලොතරැයි මණ්ඩලය මගින් හඳුන්වා දුන් මෙම ලොතරැයියේ පළමු ටිකට්පත ජනාධිපතිවරයා වෙත අලෙවි කෙරිණි. ජනාධිපති අරමුදල යටතේ දුෂ්කර ප්‍රදේශවල රෝහල් 12ක් සඳහා අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීමද මෙම උත්සවයට සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.
එමෙන්ම මෙහිදී නිවුන් දරුවන් සිටින පවුල් 69ක් වෙනුවෙන් මුදල් පරිත්‍යාග පිරිනැමීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ජනාධිපති මන්දිරයේදී සිදුකෙරිණි.
නිවුන් දරුවන්, තුන් නිවුන් දරුවන් සහ පස්නිවුන් දරුවන් සිටින පවුල් 69ක් වෙනුවෙන් එම දරුවන්ගේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා රුපියල් ලක්ෂ 10, ලක්ෂ20 සහ ලක්ෂ 25 බැගින් වූ මුදල් පරිත්‍යාග පිරිනැමීම ඒ අනුව ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.
නිවුන් දරුවන් හදා වඩා ගැනීමේදී ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන පවුල් උදෙසා මූල්‍ය අනුග්‍රහය දැක්වීමේ වැඩසටහනක් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ අතර, ඒ අනුව දිවයින පුරා සිටින නිවුන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ වනවිට විශාල මුදලක් පිරිනැමීමට කටයුතු කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments