දහඅට සන්නියට මුද්දර 18ක් නිකුත් කිරීම අද
- 2018-08-08 12:21:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ ශාන්තිකර්මවල ඵෙතිහාසික සලකුණ වන දහඅට සන්නියෙහි වෙස් මුහුණුවල අවස්ථා නිරූපණය කරමින් අද (08දා) මුද්දර 18ක් හා සිහිවටන පත්‍රිකා 03ක් නිකුත් කරන බව මුද්දර කාර්යාංශය සඳහන් කරයි.
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගෙන් ප්‍රධානත්වයෙන් තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම එළිදැක්වීම සිදු කෙරේ.
මෙම මුද්දර රුපියල් 15ක වටිනාකමකින් යුත් මුද්දර ලෙස නිකුත් කරන බවද මුද්දර කාර්යාංශය සඳහන් කරයි.
මුද්දර නිර්මාණ ශිල්පී කුමුදු තාරක මහතා විසින් මෙම මුද්දර පෙළ නිර්මාණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ආවේණික දෑ ලෝකය පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් මේ ආකාරයට මුද්දරවලට රටේ අනන්‍යතාව විදහා දැක්වෙන දර්ශන ඇතුළත් කරන බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මුද්දර 18 හා සිහිවටන පත්‍රිකා තුන එළිදැක්වීමට සමගාමීව මහාචාර්ය ලයනල් බෙන්තරගේ මහතා ප්‍රමුඛ රංගන කණ්ඩායම 18 සන්නියේ අවස්ථා කිහිපයක් නිරූපණය කිරීමටද සැලසුම් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments