දිනකට පිළිකා රෝගීන් 76
- 2019-06-11 12:29:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව තුළ දිනකට පිළිකා රෝගීන් 76 දෙනෙකු අලුතෙන් ලියාපදිංචි වන බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා පැවසීය.
ඒ ආකාරයට 2018 වසරේදී නව පිළිකා රෝගීන් 28,000ක් රජයේ පිළිකායතන 24හි ලියාපදිංචි වී තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතරින් කාන්තාවන් පිළිවෙළින් පියයුරු පිළිකාව, තයිරෝයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවලට හා ගැබ්ගෙල ආශ්‍රිත පිළිකාවලට මුහුණ දී සිටින බවද ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
මෙම පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් නිට්ටාවට සුවකර ගත හැකි බවත්, ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments