'දිරියෙන් පෙරමුණට යන්න-ළමා කැළට සවිය දෙන්න' - ලෝක ළමා දිනය අදයි
- 2018-10-01 12:32:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ළමා දින ජාතික උත්සවය අද (01) කොළඹ කේන්ද්‍රකොට ගනිමින් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශලාවේ දී පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු යොද ඇත. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උත්සවය පැවැත්වීමට කටයුතු
සැලසුම් කොට ඇත.
'දිරියෙන් පෙරමුණට යන්න-ළමා කැළට සවිය දෙන්න' තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවය කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ උපදේශකත්වය යටතේ එම අමාත්‍යාංශය මගින් සංවිධාන
කරයි. මෙවර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන මෙම උත්සවයේදී ලෝක ළමා දිනය නිමිත්තෙන් වූ සමරු මුද්දරය හා මුල්දින කවරය නිකුත් කිරීම ද ප්‍රධාන ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.
විශේෂ දක්ෂතා සහිත දරුවන් 9දෙනෙකුට හා ලෝක ළමා දින මුද්දරයේ චිත්‍රය නිර්මාණය කළ දරුවාට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉදිරිපත් කරන සංස්කෘතික අංග, පාසල් දරුදැරියන් ඉදිරිපත් කරන විශේෂාංග මෙම ලෝක ළමා දින උත්සවයේ දී පැවැත්වේ.
ලොව පුරා වැඩිහිටියන් සැමරෙන ලෝක වැඩිහිටි දිනයද අදට (ඔක්තෝම්බර් 01) යෙදී තිබේ. මෙම දිනය වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක් උත්සව හා විවිධ ක්‍රියාකාරී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාව වන්නේ “Moving from Awareness to Action through a Human Rights based approach” යන්නයි. ශ්‍රී ලංකාවේ මෙන් ම ලෝකයේ ද වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහල යමින් පවතී. වර්ෂ 1964 දී සියයට 5.4%ක් වූ වයස අවුරුදු 60ට වැඩි අයගේ ප්‍රතිශතය 2001 දී 9.2%ටත් 2012 දී 12.5%ටත් වැඩි වූ අතර 2050 වනවිට සියයට 30% දක්වා වැඩි වන බවට පුරෝකතනය කර ඇත.
දැනට ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් මිලියන 2.5ක් පමණ ඇත.වර්ෂ 2041 වනවිට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 25%ක් අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් වනු ඇත.ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහළ යෑම නිසා බෝ නොවන රෝගවල ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments