දුම්පානය නිසා දිනකට ලාංකිකයන් 55ක් ජීවිතක්ෂයට
- 2020-05-26 09:56:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දුම්පානය නිසා දිනකට ශ‍්‍රී ලාංකිකයන් 55කට ආසන්න පිරිසක් අකල් මරණවලට ගොදුරු කරගන්නා අතර වාර්ෂිකව ශ‍්‍රී ලාංකිකයන් 20000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් කරන බව ඇඩික් ආයතනය පවසයි.
දුම්කොළ සමාගම් තමන්ට දෛනිකව අහිමි වෙන පාරිභෝගියන්ගේ අඩුව පිරිමසා ගැනීම සඳහා ඔවුන්ගේ ප‍්‍රමුඛ ඉලක්කය බවට මේ වන විට ළමුන් හා තරුණයන් පත්කරගෙන ඇතැයිද එම ආයතනය පවසයි.
ලෝක දුම්වැටි නිවාරණ දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.
මැයි 31දාට යෙදෙන ලෝක දුම්වැටි නිවරණ දිනයේ මෙවර තේමාව වන්නේ “දුම්කොළ කර්මාන්තයේ නොමග යැවීම්වලින් තරුණයන් ආරක්ෂා කරගනිමින් ඔවුන්ව දුම්කොළ භාවිතයෙන් සහ දුම්වැටි භාවිතයෙන් වලක්වා ගනිමු” යන්නයි.
“වාර්ෂිකව සමස්ත මානව ප‍්‍රජාවගෙන් මිලියන 08ක් (අසූ ලක්ෂයක්) දුම්වැටි නිසා අකාලයේ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මින් ලක්ෂ නමයක් ම ජීවිත අහිමි වන්නේ දුම්වැටි භාවිත කරන්නන් අසළ සිටීම නිසා යි. වර්තමාන ලෝකයේ මානව සමාජයට මෙතරම් බිහිසුණු මාරාන්තික තත්වයක් ඇති කිරීමට සිවිල් යුද්ධ හෝ අන් කිසිදු හේතුවක් දායක නොවුණු බව පැහැදලි ය.” යැයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments