දෙවැනි ත්‍රෛභාෂා විදුහලට 20 දා මුල්ගල තැබෙයි
- 2019-09-18 16:14:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව ත්‍රෛභාෂා පාසලක් ඉදි කිරීමට මුල්ගල තැබීම සැප්තැම්බර් මස 20 වැනි දින මීරිගම දී සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත ඉදිකෙරෙන මෙම පාසල සඳහා මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා ගෞරවයක් ලෙස දොන් ස්ටීවන් විද්‍යාලය නමින් මෙම පාසල නම් කෙරෙන අතර මෙය අයත් වන්නේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයටය.
“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදි කරන ශ්‍රී ලංකාවේ දෙවැනි ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත මිශ්‍ර පාසල වන මේ සඳහා ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 1,141 කි.
අක්කර 12 ක භූමි භාගයක ඉදිවන මෙම පාසල වර්ෂ 2020 දී සිසු අයිතියට පැවරීමට යෝජිතය. මෙහි 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වීමට නියමිත අතර සුහුරු පන්ති කාමර ඇතුලු නවීන පහසුකම්වලින් මෙම පාසල සමන්විතවීම විශේෂත්වයකි.
Reply To:
Name - Reply Comment
0 Comments